හිරුණිකාට සහ තුෂාර ඉඳුනිල්ට සජබ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී අසුන් නැහැ

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ඡන්ද 1,968,716ක් ලබාගත් සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන පහක් හිමි වුණා.

ඉන් එක් ආසනයක් සඳහා එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට කටයුතු කිරීමෙන් පසු එය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ඉතිරි මන්ත්‍රී ආසන 04 සඳහා පත්කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂය තුළ අභ්‍යන්තර අර්බුදයක් මතු වුණා.

එම මන්ත්‍රී ආසන 04 සදහා පක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනෙක්ම ඉල්ලුම්කර තිබීම ඊට හේතුව පැවතියා.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සුජීව සේනසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සහ මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගය සමඟ එක්ව දුරකථනය ලකුණින් තරග කළ වෙතන් දේශපාලන පක්ෂ කිහිපයක ම නියෝජිතයින් එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන සඳහා ඉල්ලුම්කර තිබුණා.

කෙසේ වෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ට මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනය හිමි නොවන බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ඊයේ (29) රාත්‍රියේ විකාශය වූ ‘දසත කස්තිරම’ දේශපාලන වැඩසටහනට එක් වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ පක්ෂයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී අසන 04 සඳහා මේ වනවිට පුද්ගලයින් නම්කර අවසන් බවයි.

එළඹෙන 03 වනදා පවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සඳහා එම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු හතරදෙනාට සහභාගී විය හැකි බවයි පහු වැඩිදුරටත් පැවසුවේ.

  1. රටේ ජනතාව මැතිවරණයෙන් පරාජය කල අය පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු වෙන් ගත්තොත් තිබෙන ඡන්ද ටිකත් නැති වෙයි

  2. ප්‍රතිපත්තියක් වශයෙන් පැරදුණ කට්ටිය ජාතික ලැයිස්තුවට ගන්න එපා. සජිත් මහත්තයා පුතිපත්තියක් හැටියට ඒ විදිහට කරන්න, එතකොට ඉස්සරහ මැතිවරනවලදිවත් කනක් ඇහිලා ඉන්න පුළුවන් .කොහොමත් හිරැනිකා දාන්න එපා.

  3. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නැත ලෝක දේශපාලන ඉතිහාසේ මන්ත්‍රීධුරයක් නොලැබීම නිසා සිදුකරගත් පළමු සියදිවි හානිකර ගැනීම වාර්තා වෙයිද?

  4. අනේ පවි..මේ දෙන්නා කොච්චර මහන්සි වුනාද බූරුපුතානෝ වෙනුවෙන් පක්ෂෙ කුණු හෝදලම.
    මැතිවරන වෙලාවෙ පක්ෂෙ වෙනුවෙන් කොච්චර අපාගත වන බොරු කිව්වද ? අන්තිමේදි මොකුත් නෑ..දැන් හිත හදාගෙන ලබන සැරේ ඒ කියන්නෙ 2034 මැතිවරණයට ලෑස්ති වෙන එකයි තියෙන්නෙ.
    වෙන මොනව කරන්නද

  5. පරාජිත අයට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව නොදිය යුතුය .ජාතික ලැයිස්තුව සදහා නම් කර ඇති අයට පමණක් දිය යුතුය.නැත්නම් ජාතික ලැයිස්තුව කියන නමින් වැඩක් නැත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20