කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගය සැහැල්ලු වාහන ධාවනයට යළි ඇරේ

කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගය සැහැල්ලු රථ වාහන ධාවනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

පැවති අයහපත් කාලගුණය සහ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටව පැවතියා.

මේ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ එම මාර්ගයේ සැහැල්ලු රථ වාහන ධාවනය අවසර ලබා දී තිබුණේ නැහැ.

කෙසේ වෙතත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යාමත් සමඟ ඊයේ (29) පස්වරුවේ සිට යළිත් එම මාර්ගය සැහැල්ලු වාහන සඳහා විවෘත කරනු ලැබුවා.

මේ අතර ඊයේ (29) උදෑසන එම මාර්ගය බර වාහන ධාවනය සඳහා ද විවෘත කිරීමටයි පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය සහ පොලීසිය කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ ප්‍රථම වතාවට නැන්දම්මටයි මාමන්ඩිටයි ලැබුණ රැග් එක - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02