පළමු ටෙස්ට් තරගයේ ජයට ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට සිය දෙවන ඉනිම සඳහා ලකුණු 516ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිමට වෙනුවෙන් කඩුලු 05ක් දැවී ලකුණු 366ක් රැස්කරගෙන සිටිය දී සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඩර්බන් හිදී පැවැත්වෙන මෙම තරගය තුන්වන දිනට අද (29) ආරම්භ කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුලු 07ක් අතැතිව ලකුණු 281ක් ඉදිරියෙන් සිටියා.

අද දිනයේ දී ශතක රැස් කිරීමට සමත් වූ නායක ටෙම්බ ​​බවුමා සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් දකුණු අප්‍රිකා දෙවන ඉනිමේ සිව්වන කඩුල්ලට ද්විත්ව ශතක සබඳතාවක් ගොඩනැගුවා.

දකුණු අප්‍රිකා දෙවන ඉනිම වෙනුවෙන් ​​බවුමා ලකුණු 113ක් සහ ස්ටබ්ස් ලකුණු 122ක් රැස් කළා.

ඒ, අනුව හවස තේ පානය සඳහා තරගය නතර කරන විට දකුණු අප්‍රිකාව කඩුලු පහක් දැවී ලකුණු 366ක් රැස්කරගෙන සිටි ඇති අතර, තේ පානයෙන් පසුව දෙවන ඉනිම ආරම්භ කිරීමට සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා ලකුණු 191ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිම් සඳහා රැස්කරගත හැකි වුයේ සියල්ලන් දැවී ලකුණු 42ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16