අධිකරණය ඉදිරිපත් කළ පාතාලේ ‘මිදිගම රුවන්’ රක්ෂිත බන්ධනාගාරයට

රැඳවුම් නියෝග මත රැඳවුම් භාරයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු වන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් ‘මිදිගම රුවන්’ නැමැත්තා අද (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

කොළඹ ත්‍රස්තවාදී විමර්ශන ඒකකය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ මොහු ලබන මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

‘මිදිගම රුවන්’ සැළකෙන්නේ පාතාල කල්ලි නායක නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යෑමට සැලසුම සකස් කළ පුද්ගලයා ලෙසයි.

මොහු ඩුබායි හි සමාජ ශාලාවක ඇති කර ගත් ගැටුමක දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන ලැයිස්තුවේ නම සඳහන් අපරාධකරුවෙක් ද වනවා.

කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයෙක් යටතේ විශේෂ පොලිස් නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ගොස් අත්අඩංගුවේ පසු වූ මිදිගම රුවන් මැයි 31 වනදා මෙරටට රැගෙන ඒමට කටයුතු කර තිබුණා.

ඉන් අනතුරුවයි ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18