හැටන් ලංගම බස් නැවතුම්පොළේ පිටුපස බස් රථ රියදුරෙක් මුත්රා කිරීමට විරෝධය පළකළ වෙළදසැල් හිමියෙකුට පහර දී ඇති බවට හැටන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ඊයේ (28) පස්වරු කාලයේ මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
හැටන් ලංගම ඩිපෝවේ රියදුරෙක් බස් නැවතුම්පොළ පිටුපස මුත්රා කිරීම සම්බන්ධයෙන් වෙළදසැල් හිමියා රියදුරා අසලට ගොස් යළි එලෙස නොකරන ලෙස පැවසීමත් සමඟ රියදුරා වෙළදසැල් හිමියාට පහර දී තිබෙනවා.
එම අවස්ථාවේ දී තවත් රියදුරෙක් ද වෙළදසැල් හිමියාට පහර දී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
පහර කෑමෙන් තුවාල ලැබූ වෙළදසැල් හිමියා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වනවිට එහි නේවාසිකව ප්රතිකාර ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
1
+1
+1
+1