Empty Ad
AFC Banner

වැස්සත් සමඟ වායුවේ ගුණත්වය පහළට (වීඩියෝ)

මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු ගුණත්වය පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කළේ පසුගියදා ඇති වූ අධික වර්ෂාපතන තත්ත්වයත් සමඟ එය පහළ යෑමක් පෙන්නුම් කරන බවයි.

ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය 50 අඩු අගයක තිබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ වනවිට පවතින තත්ත්වය මත දිවයිනේ බොහෝ ප්‍රදේශවල මීදුම් තත්ත්වයකට සමාන දූවිලි තත්ත්වයක් දක්නට ලැබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු සහ අන්තර් දේශ සීමාවේ තිබෙන වායු දූෂකකාරක රටට ඇතුළුවීම මීට හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත් හෙට (30) දිනය වනවිට මෙම තත්ත්වය පහව යනු ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර සිටියා.

වායුවේ පවතින අහිතකර තත්ත්වය හේතුවෙන් ස්වසන අපහසුතා ඇති පුද්ගලයින් ප්‍රවේශම්වීම වැදගත් බව ද මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලොකු හාස්කමක් පාන්න වෙන්නේ නෑ #anurakumaradissanayake #npp
09:54
Video thumbnail
පොඩි කාලේ අපි අහන්නේ ඉංග්‍රීසි සිංදු - විජිත හේරත් උසාවියට
07:55
Video thumbnail
වෘත්තීය සමිති සතුටු කරන එක මේ ආණ්ඩුව කරන්නේ - රන්ජන් ජයලාල් ලෙෆ්ට්
02:33
Video thumbnail
වැස්සත් එක්ක රටම වෙළාගත් අංශු - හුස්ම ගන්න බැරිවෙයි - එළියට බහින්න එපා
05:52
Video thumbnail
මොකද මේ කොළඹට වෙලා තියෙන්නේ ? - මූණට මූණ එන එක්කෙනාවත් පේන්නේ නැති තරම් දුමාරයක්
01:18
Video thumbnail
සීතලේ පිට ගිය රැජිණ - අයියෝ අයියෝ වෙච්ච දෙයක්
01:03
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරු පඩි සහ ගෙවල් ඉල්ලයි - සජබ මාධ්‍ය හමුවේ හෙළි කරයි
17:44
Video thumbnail
අයහපත් කාලගුණයෙන් විපතට පත් අයගේ දෙපා පාමුලට එන්න හිරුණිකා සීරුවෙන් - මෙහෙමක් කැක්කුමක්
05:23
Video thumbnail
ජපන් තානාපතිගේ පාටියට ගිය ලොකු ලොක්කෝ හරි සතුටින්
25:39
Video thumbnail
ඇඟ හිරිවැටෙන හෙළිදරව්වට ආණ්ඩුවේ ලොක්කෝ නිහඬ ඇයි
15:44

?