IPL වෙන්දේසියේ දී ඉතිහාස ගත වූ 13 හැවිරිදි වෛභව්ගේ වයස පිළිබඳ ප්‍රශ්නයක්

අයි.පී.එල් කණ්ඩායමක් විසින් ගිවිසුම් ගත වූ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට 13 හැවිරිදි වෛභව් සූර්යවංශිට හැකියාව ලැබුණා.

ඒ, ඊයේ (25) නිමා වූ අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඉහළ මිලක් ගෙවමින් ඔහුව මිල දී ගැනීම කටයුතු කිරීමත් සමඟයි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෛභව් සූර්යවංශිව මිල දී ගැනීමට වැය කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 1.1ක්.

වෙන්දේසියේ දී ඔහුව මිල දී ගැනීම සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ කරට කර ලංසු තබන ආකාරය දැකගත හැකි වුණා.

මෙම සුවිශේෂී මිල දී ගැනීමත් සමඟ ලාබාල ක්‍රීඩක වෛභව් සූර්යවංශි සම්බධයෙන් ක්‍රිකට් ලෝකය තුළ කතා බහක් මතුව ආවා.

එලෙස මතුව ආ කතා බහ අතර ඇතැම් පිරිසක් චෝදනා කළේ වෛභව් සූර්යවංශිගේ වයස සම්බන්ධයෙන් වංචාවක් සිදුකර ඇති බවත්, වෛභව්ගේ සැබෑ වයස අවුරුදු 15ක් බවයි.

කෙසේ වෙතත් එම චෝදනාවට පිළිතුරු දෙමින් වෛභව්ගේ පියා වන සංජිව් සූර්යවංශි සඳහන් කළේ තම පුත්‍රයා මුලින්ම ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වයස පරීක්ෂණයකට පෙනී සිටි බවයි.

ඒ, අනුව ඔහුව මේ වනවිට ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ද අවස්ථාවක් ලැබී ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

වෛභව් සූර්යවංශිගේ පියා වැඩිදුරටත් පවසා සිටියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර් විසින් ඔහුව අත්හදා බැලීමක් සඳහා ද කැඳවූ බවයි.

එහිදී පුහුණුකරු වික්‍රම් රතූර් විසින් වෛභව්හට පන්දුවාරයක දී ලකුණු 17ක් ලබා ගැනීමේ ඉලක්කයක් ලබාදුන් බව ද ඔහුගේ පියා සඳහන් කර සිටියා.

“රාජස්ථාන් රෝයල්ස්පුතාව නාග්පූර් හි අත්හදා බැලීම් සඳහා කැඳවා තිබුණා. රාජස්ථාන් රෝයල්ස් පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර් සර් ඔහුට ඕවරයක දී ලකුණු 17 ක් ලබා ගත යුතු තරගයක් ලබා දුන්නා. පුතා ඒ වෙලාවේ හයේ පහර 03ක් එල්ල කරලා එම ඉලක්කට සම්පූර්ණ කළා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27