ලෝකයම කම්පා කරමින්, ජීවිත 53ක් රැගෙන මුහුදු පතුළේ සැඟවුණු සබ්මැරීනය, ගිලී යාමට පෙර ගත් වීඩියෝ දර්ශන පෙළක් එළියට

ඉන්දුනීසියානු මුහුදේ ගිලී ගිය සබ්මැරීනයේ නැවියන් ඇතුළු නිලධාරීන් 53ක පිරිසට ජනපති ජෝකේ වීල්ඩෝඬේ විසින් උසස් වීම් ලබා දී තිබෙනවා. එසේම මිය ගිය නැවියන්ගේ දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා පහසුකම් ලබාදීමට ඉන්දුනීසියානු රජය තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නන්ගාලා නමින් හඳුන්වන මෙම සබ්මැරීනයේ සියලූම නැවියන් මියගොස් ඇතැයි ඉන්දුනීසියානු නාවික හමුදාව තහවුරුකර තිබෙනවා.

සැබ්මැරීනයේ නැවියන් සියලූ දෙනාම දේශප්‍රේමීන් බවත් ඔවුන් රටේ ස්වෛරීභාවය රැකීමට කැපවූවන් බවත් ඉන්දුනීසියානු ජනපතිවරයා පවසනවා.

මෙම සබ්මැරීනය ගිලා බැස ඇති ස්ථානය මීටර් 2500ක ප්‍රදේශයේ යැයි සොයාගෙන ඇති අතර එය ගොඩ ගැනීම අපහසු වී තිබෙනවා.

එහෙත් සුන්බුන් කීපයක් ඉන්දුනීසියානු නාවික හමුදාව සොයාගෙන ඇති බව ද වාර්තා වනවා.

මේ අතර… ගිලී ගිය සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ යාත්‍රාව තුළ ගීතයක් ගයන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

සති කිහිපයකට පෙර රූගත කරන ලද මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ නැවියන් විසින් “සමුගැනීමේ කියමනක්” අර්ථ දැක්වෙන ගීතයක් ගයන අයුරුයි.

“මම ඔබව අතුරුදහන් වීමට සුදානම් නැතත්, ඔබ නොමැතිව ජීවත් වීමට මම සුදානම් නැහැ.. මම ඔබට සුබ පතමී..” ඔවුන් එසේ ගීතයෙන් ගයනවා.

කෙසේ වෙතත්, නාවික හමුදාවේ සබ්මැරීන් බළකායේ අණදෙන නිලධාරියාට සමුගැනීමක් ලෙස මේ පටිගත කිරීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.විදෙස් මාධ්‍ය ඇසුරිනි…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17
Video thumbnail
රනිල්ගේ - අනුරගෙයි ආර්ථික කළමණාකරනය ගැන කියන රාජිත.. රනිල් රු.293 වෙනකල් අඩුකළා
01:25
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51