බාල බෙහෙත් නඩුවේ පළමු සැකකරු ලබන 29 දක්වා යළි රිමාන්ඩ්

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පළමුවැනි සැකකරු වන බාල ඖෂධ සැපයු සමාගමේ හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත යවා ඇති බැවින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ නොහැකි බව බන්ධනාගාර නිලධාරීන් විසින් මාළිගාකන්ද අධිකරණයට දන්වා සිටියා.

වෛද්‍ය වාර්තාව සහ සැකකරු ඊළඟ නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී අතිරේක මහේස්ත්‍රාත් නදීරා කුමාරි බෝගහදෙණිය මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

අද (25) එම නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධය පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පැමිණ තිබු අතර, ඉදිරි දිනයේ දී විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා ඉදිරිපත් කරන බව අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව ලබන නොවැම්බර් 29 දක්වා පළමු සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

ලබන 29 වැනිදා මෙම නඩුවේ සැකකරුවන් දොළොස්දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42