සුජීවගේ සැප රිය නිදහස් කිරීමට නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ඇති, සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සුජීව සේනසිංහගේ V8 වර්ගයේ ජීප් රථය නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය අද (25) නියෝග කර තිබෙනවා.

රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත එම රථය නිදහස් කිරීමටයි නියෝග කර ඇත්තේ.

අදාළ ජීප් රථය නීති විරෝධී ලෙස එකලස්කරන ලදක් බවට එල්ල වූ චෝදනාව මත එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලෙස පසුගිය 12 වනදා අධිකරණය නියෝග කරනු ලැබුවා.

එමෙන්ම මෙම වාහනය විකිණීම, වෙනස් කිරීම අන්සතු කිරීම තහනම් කරමින් එම නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය අධිකරණය දැනුම් දෙන අවස්ථාවල දී වාහනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර සිටියා.

එම වාහනය එකලස් කළ වාහනයක් බවට කිසිදු සාක්ෂියක් අධිකරණය හමුවේ ගොනුකර නොමැති අතර, වාහනය රේගුවෙන් නීති විරෝධී ලෙස පිටතට ගත් වාහනයක් නොවන බවත් එය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහනයක් බවත් රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාවට අනුව වාහනය කිසිදු එකලස් කිරීමක් සිදුකර නැති බවට ඔප්පු වී තිබෙන බව සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද (25) අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

මෙම ප්‍රශ්ණගත වාහනයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිය සේවාදායකයා අධිකරණයට සහාය දැක්වූ බවත් ඒ අනුව මෙම වාහනය ලියාපදිංචි අයිතිකරු වන සුජිව සේනසිංහ හට මුදාහැර ලෙස සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥවරුන් වන මෛත්‍රී ගුණරත්න, ෆර්හාන් කාසීම් යන ජනාධිපතිනි නීතිඥවරුන ඇතුළු නීතිඥ මඩුල්ල සිදුකළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය සිදුකළා.

එමෙන්ම ප්‍රශ්නගත වාහනය ලියාපදිංචි කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති MT 6 පෝරමය මුල් පිටපත විමර්ශන සදහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගාගේ ප්‍රකාශය අනුව මෙම වාහනය ලියාපදිංචි මාරු කිරීමට අදාළව ඉදිරිපත් කළ MT 6හි අත්සන ඔහුගේ නොවන බවට සිදුකළ ප්‍රකාශය අනුව සිදුකරන විමර්ශනවලට අදාළව එම නියෝගය ඉල්ලා සිටියා.

ඒ, අනුව ඊට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
8
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23