මන්ත්‍රී රාමනාදන් අර්චූනට සී.අයි.ඩීයෙන් කැඳවීමක්

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චූන අද (23) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වනවා.

අප කළ විමසීමක දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

මේ අතර සිවිල් සංවිධාන සහ සිංහල සංවිධාන එකමුතුව විසින් අද (23) දිනයේ මන්ත්‍රීවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළා.

එහිදී පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු ජාතිවාදය අවුස්සමින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් වහා මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි මෙම පැමිණිල්ල ගොනුකරමින් සිවිල් සංවිධාන සහ සිංහල සංවිධාන එකමුතුව පැවසුවේ.