උපුල් චන්දන දෙන සහායට සනත්ගෙන් ඇගයුම් – කුසල්ගේ පරිණත ක්‍රීඩා විලාසය ගැනත් ප්‍රශංසා (වීඩියෝ)

ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකාව අතීතයේ සිට විශිෂ්ට පන්දු රැකීමක් තිබූ කණ්ඩායමක් බැවින්, වත්මන් කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රගතිය තවදුරටත් වර්ධනය කිරීමට තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.

අද (21) පැවති මාධ්‍ය හමුවේ දී සනත් ජයසූරිය පැවසුවේ; ඒ සඳහා වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන උපුල් චන්දනගෙන් විශාල මෙහෙයක් සිදු වන බවයි.

තවම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ කුසලතාව තමන් අපේක්ෂා කරන මට්ටමට පැමිණ නොමැති වුව ද, එම පැමිණීමේ ගමන් මාර්ගය මේ වනවිට ආරම්භ කර ඇති බවත්; ඒ වෙනුවෙන් කැප වී වැඩ කරන බවත් සනත් ජයසූරිය කියා සිටියා.

මේ අතර මාධ්‍ය සාකඡාවට පැමිණ සිටි මාධ්‍යවේදියෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන සනත් ජයසූරියගෙන් මුල් පෙළ පිතිකරුවෙකු ලෙස කටයුතු කරන කුසල් මෙන්ඩිස්ගේ දක්ෂතා සහ මේ වනවිට ලකුණු අතර සිටීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර සිටියා.

එහිදී සනත් ජයසූරිය කියා සිටියේ; කුසල් මෙන්ඩිස් එංගලන්ත සංචාරයේ දී පවා ලකුණු අතර නොසිටි අවස්ථාවේ දී, පිතිකරණ පුහුණුකාරීත්වය දරන තිළිණ කණ්ඩම්බි ඇතුළු පුහුණුකරුවන්ගේ මණ්ඩලය විසින් එක් ව කුසල් මෙන්ඩිස්ගේ තාක්ෂණික පිතිකරණයේ යම් වෙනස්වීමක් සිදු කිරීමට කට‍යුතු කළ බවත්; ඉන් අනතුරුව කුසල් දේශීය ව මෙන් ම විදේශීය ව ද බොහෝ අවස්ථාවල ලකුණු අතරට පැමිණෙන අයුරු දැකීමට හැකි වීම සාධනීය ව සතුටු විය හැකි කාරණයක් බවයි.

එමෙන්ම නිමාවට පත් වූ නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දී අවසන් මැදපෙළ පිතිකරුවෙකු සමග දැඩි පීඩනයක් තරගයේ එල්ල වී ඇති මොහොතක පවා පරිණත ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින්, කණ්ඩායමේ ජයග්‍රහණයේ වගකීම ගෙන ක්‍රීඩා කළ අයුරු බලා සිටීම තමන්ට සතුටු විය හැකි ප්‍රවණතාවක් බව ද සනත් ජයසූරිය මෙහිදී කුසල් මෙන්ඩිස්ගේ පිතිකරණය ගැන වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55