AFC Banner
Empty Ad
Empty Ad

රත්තොට ගිනි ගත් සිරුරු කොටස් නිසා හෙළි වූ තරුණ ව්‍යාපාරිකයා ගේ අභිරහස් මරණය

තලංගම තලාහේන ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකු ඝාතනය කර මාතලේ රත්තොට කැළයකදී පුලුස්සා දමන ලදැයි කියන සිද්ධියට අදාළ සැකකරුවකු තලංගම පොලීසිය ඊයේ (28) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහුට සහාය දුන් බව කියන පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතතය වූ ව්‍යපාරිකයාගේ මිත්‍රයකු වන ප්‍රධාන සැකකරු ඔහුගේ හිස පිහියකින් කැපූ බව අත්අඩංගුවට අත් අඩංගුවට පත් සැකකරු ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති අතර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ගේ පෙම්වතිය බව කියන පාර්ලිමේන්තුවේ ප්‍රධාන අංශයක සේවිකාවකගෙන් තලංගම පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද ආරංචි මාර්ග පවසනවා.

මාතලේ රත්තොට දොඹගොඩ ප්‍රදේශයේ තේ වත්තක තිබී පිලිස්සී ගිය මෘත ශරීරයක කොටස් මෙම අතුරුදන්වූ ව්‍යාපාරික කොළඹ තලාහේන මාළඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ නමැත්තාගේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

සසැදි පුවත – රත්තොට පිළිස්සුණු මළ සිරුර ගැන පොලීසි 3කින් පරීක්ෂණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?