රුපියල් මිලියන 11ක අයිස් සමග මහවත්ත චාමරගේ ගෝලයින් අත්අඩංගුවට

රුපියල් මිලියන 11ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මහවත්ත චාමරගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය II හි නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (20) දිනයේ දී කඩවත හා දොම්පේ පොලිස් වසමේ දී සිදු කළ වැටලීම් දෙකකින් සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 536 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගන්නා ලද මුදල් එක්කෝටි දස ලක්ෂයක්, කාර් රථයක් හා ජංගම දුරකථන 03 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයකු හා කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු බවත් වාර්තා වනවා.

දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහවත්ත චාමරගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු බවට කරුණු හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46