රුපියල් මිලියන 11ක අයිස් සමග මහවත්ත චාමරගේ ගෝලයින් අත්අඩංගුවට

රුපියල් මිලියන 11ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මහවත්ත චාමරගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය II හි නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (20) දිනයේ දී කඩවත හා දොම්පේ පොලිස් වසමේ දී සිදු කළ වැටලීම් දෙකකින් සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 536 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගන්නා ලද මුදල් එක්කෝටි දස ලක්ෂයක්, කාර් රථයක් හා ජංගම දුරකථන 03 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයකු හා කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු බවත් වාර්තා වනවා.

දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහවත්ත චාමරගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු බවට කරුණු හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?