UPDATE :- හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට – අද අධිකරණයටත් (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට ටික වේලාවකට (20) පෙර හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා බදුල්ල පොලිසියට කැඳවා තිබුණා.

පසුගිය මහ මැතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මත අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු තව සුළු වේලාවකින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හිටපු අමාත්‍යවරයා ආධාරකරුවන් පිරිසක් සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල පොලිසිය මගින් පෙළපාලිය විසුරුවා හරිනු ලැබුවා.

එහිදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ පොලිස් නිලධාරින් අතර ඇති වූ සංවාදයක් හේතුවෙන් එහි නොසන්සුන් තත්ත්වයක් ද හට ගැනුණු අයුරුයි දක්නට ලැබුණේ.

හිටපු අමාත්‍යවරයා විසින් ඇඳ සිටි කමීසය පවා ගලවා දමමින් එම අවස්ථාවේ නොසන්සුන් අයුරින් හැසිරුණා.

ඊට එරෙහිවයි බදුල්ල පොලිස් ස්ථානය විසින් හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බදුල්ල පොලිස් ස්ථානය වෙත කැඳවා තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි හිටපු අමාත්‍යවරයාගෙන් මේ වනවිට (20) බදුල්ල පොලිස් නිලධාරින් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කාලසීමාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණිල්ලක් මතයි හිටපු මන්ත්‍රීවරයාව පොලිසියට කැඳවා ඇත්තේ.

කෙසේවෙතත් මෙතෙක් ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන නොමැති බව ද දසත අප කළ විමසීමක දී බදුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා තහවුරු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
12
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?