තායිවානයේ සංචාරයකට බයිඩන්ට ඇරයුමක්

ආසියා – පැසිෆික් සමුළුවකදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හමු වූ තායිවානයේ නියෝජිතයා නුදුරු අනාගතයේ දී තායිවානයට පැමිණෙන ලෙස ඔහුට ආරාධනා කර තිබෙනවා.

ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා සංසදය තායිවානය සහ චීනය යන රටවල් දෙකම සහභාගී වන ජාත්‍යන්තර රැස්වීම් කිහිපයෙන් එකක්.

ලීමා හි පැවති APEC සමුළුවට සමගාමීව රැස් වූ තායිවානයේ නියෝජිතයා පසුගිය වසර හතර තුළ එක්සත් ජනපද-තායිවාන සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා බයිඩන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ස්තූතිය පුද කළ බව තායිවානයේ නියෝජිතයින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

නුදුරු අනාගතයේ දී ඔහුගේ පහසුව අනුව තායිවානයට පැමිණෙන ලෙස ජනාධිපති බයිඩන්ට ආරාධනා කළ බව ද අදාළ නිවේදනයේ සඳහන්.

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සංවාදයට සවන් දුන් බව ද එහි දැක්වෙනවා.

තායිවාන නියෝජිතයා මෙම සමුලුවට සමගාමීව රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් හමු වී තායිවානය-එක්සත් ජනපදය අඛණ්ඩව ශක්තිමත් කිරීම පිළිබඳ අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18