මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අටකට නොතීසි

රේගු දෙපාර්තමේන්තුවට හොර රහසේ මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ 200ට අධික සංඛ්‍යාවක් ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචි කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 08 දෙනෙකුට මේ මස 29 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (19) නියෝග කළා.

සිද්ධියට කරුණු විමසීම සඳහා එම නිලධාරීන් අටදෙනා අධිකරණය වෙත කැඳවීමට නියෝගයක් ලබාදෙන ලෙසට එම කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයට කරන ලද කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ ඔවුන්ට නොතීසි නිකුත් කරනු ලැබුවා.

නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු සහකාර කොමසාරිස්වරුන් දෙදෙනකු ඇතුළු සිද්ධියට සම්බන්ධ බව කියන පරිගණක දත්ත පද්ධතිය ක්‍රියාකරුවකු, වාහන අංක නිකුත් කළ අයෙකු, වාහන ආනයනය කිරීමට සහාය ලබාදුන් අයෙකු සංවර්ධන නිලධාරියකු ඇතුළු එම අංශයේ නිලධාරීන් අටදෙනෙකුට එසේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා එසේ නොතීසි නිකුත් කෙරුණා.

රුපියල් කෝටි 500කට අධික බදු මුදල් රජයට අහිමි කරමින් සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් පමණ මෙරටට ආනයනය කර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බවද ඉන් මෝටර් රථ 16ක් මේ වන විට අත්අඩංගුවට ගෙන අතර, අධිකරණ නියෝග මත එම වාහන රේගුව භාරයේ රඳවා තබා ඇති බව ද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවුණා.

එම දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යන ලෙසට එම දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇතත් එවැනි නිවැරදි කිරීමක් මෙතෙක් සිදුකර නොමැති බවට කරුණු අනාවරණය වන බව එම නඩුව අද අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එම මෝටර් රථ 2015 සිට 2022 වසර දක්වා කාලය තුළදී මෙරට ආනනය කර ඇති බවද අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය සිදුකළ විමර්ශනවල දී හෙළි කරගෙන ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

එලෙස ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මෙරට විවිධ පළාත්වල පුද්ගලයන් සතුව තිබෙන එම මෝටර් රථ අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගෙන නොමැති සෙසු වාහන වහාම අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
12
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?