මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අටකට නොතීසි

රේගු දෙපාර්තමේන්තුවට හොර රහසේ මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ 200ට අධික සංඛ්‍යාවක් ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචි කර ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 08 දෙනෙකුට මේ මස 29 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (19) නියෝග කළා.

සිද්ධියට කරුණු විමසීම සඳහා එම නිලධාරීන් අටදෙනා අධිකරණය වෙත කැඳවීමට නියෝගයක් ලබාදෙන ලෙසට එම කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයට කරන ලද කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ ඔවුන්ට නොතීසි නිකුත් කරනු ලැබුවා.

නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු සහකාර කොමසාරිස්වරුන් දෙදෙනකු ඇතුළු සිද්ධියට සම්බන්ධ බව කියන පරිගණක දත්ත පද්ධතිය ක්‍රියාකරුවකු, වාහන අංක නිකුත් කළ අයෙකු, වාහන ආනයනය කිරීමට සහාය ලබාදුන් අයෙකු සංවර්ධන නිලධාරියකු ඇතුළු එම අංශයේ නිලධාරීන් අටදෙනෙකුට එසේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා එසේ නොතීසි නිකුත් කෙරුණා.

රුපියල් කෝටි 500කට අධික බදු මුදල් රජයට අහිමි කරමින් සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් පමණ මෙරටට ආනයනය කර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බවද ඉන් මෝටර් රථ 16ක් මේ වන විට අත්අඩංගුවට ගෙන අතර, අධිකරණ නියෝග මත එම වාහන රේගුව භාරයේ රඳවා තබා ඇති බව ද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවුණා.

එම දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යන ලෙසට එම දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇතත් එවැනි නිවැරදි කිරීමක් මෙතෙක් සිදුකර නොමැති බවට කරුණු අනාවරණය වන බව එම නඩුව අද අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එම මෝටර් රථ 2015 සිට 2022 වසර දක්වා කාලය තුළදී මෙරට ආනනය කර ඇති බවද අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය සිදුකළ විමර්ශනවල දී හෙළි කරගෙන ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

එලෙස ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මෙරට විවිධ පළාත්වල පුද්ගලයන් සතුව තිබෙන එම මෝටර් රථ අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගෙන නොමැති සෙසු වාහන වහාම අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ට නියෝග කළා.

  1. හම්බන්තොට මෝටර් සයිකල් හොරට ලියාපදිංචි කරන සංවර්ධන නිලධාරියා සහ 2020දී හොර ලයින්ස් ගැසු කොමසාරිස්වරයා තවම නිදැල්ලේ. ඔවුන්ගේ වත්කම් හොයන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16