Empty Ad
Empty Ad
 Empty Ad

කන්ටේනර් රථය මඟ නවතා රියදුරා ගෙළ වැළලාගෙන

කන්ටේනර් රථ රියදුරෙකුගේ මළ සිරුරක් කළුතර – බණ්ඩාරගම මාර්ගයේ දැල්කඩ ප්‍රදේශයේ ලඳු කැලෑවක කදුරු ගසක එල්ලෙමින් තිබිය දී සොයාගෙන තිබෙනවා.

අදාළ රියදුරා කන්ටේනර් රථය මාර්ගය අසල නවතා කැලෑව තුළට ගොස් ගෙළ වැළලාගෙන ඇති බවටයි මොරොන්තුඩුව පොලිසිය සැකපළ කරන්නේ.

මිල්ලනිය ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකට අයත් කන්ටේනර් රථයක රියදුරෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගෙන ඇති අතර, ඔහු තංගුස් ලණුවක් යොදාගෙන ගෙළ වැළලාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

කන්ටේනර් රථය මාර්ගය අසල නවතා තිබිය දී එහි රියදුරු නොමැතිවීම සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේ දී රියදුරාගේ සිරුර මෙලෙස සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මොරොන්තුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?