ඉලක්කයට විදින්න පුරුදු කරන්න අංක එකේ පුහුණුකරුවෙක් දිවයිනට

2026 තරුණ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහ 2028 ඔලිම්පික් උළෙලට, දුනු විදීමේ ඉසව්වෙන් සහභාගී වීමට නියමිත ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සඳහා ලොව අංක එකේ දුනු විදීමේ පුහුණුකරුවෙක් දිවයිනට පැමිණ තිබෙනවා.

දකුණු කොරියානු දුනු විදීමේ පුහුණුකරුවෙක් වන කිම් හියුම් ටක් ඊයේ මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

මොහු මෙහෙයවන පුහුණු වැඩසටහන අද (19) දිනයේ දිට ලබන 23 වනදා දක්වා ඔලිම්පික් නිවහනේ දී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

දකුණු කොරියානු දුනු විදීමේ පුහුණුකරු ලෙස වසර ගනනාවක් කටයුතු කර ඇති ඔහු, 1984 වසරේ ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලියේ දී දුනු විදීමේ ඉසව්වෙන් දකුණු කොරියාවට ප්‍රථම රන් පදක්කම දිනා දුන් ක්‍රීඩකයායි.

මොහුගේ සේවය මීට පෙර ඉන්දියාව ද ලබාගෙන තිබීම විශේෂතයක්.

කිම් හියුම් ටක් මහතා සහ ඔහුගේ බිරිඳ ඊයේ (18) පස්වරු 05.40 ට දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

            


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26