නිමා වූ පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අත්වැල් බැඳගත් සුවහසක් සහෘද ජනතාව වෙත එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂය ස්තූතිය පළකර තිබෙනවා.
ඒ, විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
එම නිවේදනය මඟින් මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බහුතර බලයක් හිමි කරගනිමින් නව රජයක් පිහිට වූ ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක් කිරීමට ජාතික සංවිධායකවරයා කටයුතු කර තිබෙනවා.
එමෙන්ම උතුරට පමණක් සීමාවීමකින් තොරව දකුණේ දේශපාලන පක්ෂවලටත් උතුරේ ජනතාවගේ ආකර්ෂණය සහ කැමැත්ත ලබාගැනීමට හැකිවන වතාවරණයක් උදාකරදීම වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අරමුණ ජාතික ජන බලවේගය ලබාගත් ජයග්‍රහණය තුළින් ඉටු වී තිබීම පිළිබඳ අතිශයින් සතුටට පත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂය නිකුත් කළ නිවේදනය පහතින්..
2024-11-17
ප්‍රණාමය !
සමස්ත ශ්‍රී ලංකාවාසී ආදරණීය, ප්‍රගතිශීලී, පොදුජන හිතවතුන් වෙත.
නිමාවට පත් ජනාධිපතිවරණයෙන් අනතුරුව පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණ දුන් 2024 මහා මැතිවරණයේදී වඩාත් විශ්වාසනීය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අත්වැල් බැඳගත් සුවහසක් සහෘද ජනතාව වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මාගේ කෘතඥතා පූර්වක ස්තූතිය පුද කරමි.
මෙවර මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතර බලයක් හිමි කරගනිමින් නව රජයක් පිහිටු වීමට වරම් දිනාගත් ජාතික ජන බලවේගය වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සුභාෂිංශන පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නෙමි. ඔබ වෙතින් ජනතාව අපේක්ෂා කල වෙනස සිදු කිරීම සඳහා මේ ජනවරම නව මාවතක් වනු ඇත. රට මුහුණ දී ඇති ආර්ථික, සමාජයීය, අර්බුද කළමනාකරණය කර ගැනීම උදෙසාත්, වඩාත් ජනහිතවාදී පාලනයක් උදෙසාත් මේ ලැබූ ජයග්‍රහණය ඔබ විසින් උපයෝගී කරගනු ඇති බවට විශ්වාස කරමි. එහිදී ශක්තිමත් විපක්ෂයක භූමිකාව උදෙසා නිබඳව කැපවෙමින්, සාධනීය, ජනහිතවදී ක්‍රියාමාර්ග උදෙසා නොපැකිලිව රජය සමඟ එක්ව කටයුතු කිරීමට අප කිසිසේත්ම පසුබට නොවන්නෙමු. රටත් ජනතාවත් යහපත් තැනකට ඔසවා තැබීම වෙනුවෙන් ලබාදුන් පොරොන්දු එලෙසම ඉටු කරනු ඇති බව විශ්වාස කරන්නෙමි.
මහින්ද රාජපක්ෂ මහතා විසින් තිස් වසරක යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවති උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමේදී එතුමාගේ ප්‍රමුඛතම අරමුණ වූයේ උතුරේ නව දේශපාලන නායකයින් ගොඩනැඟීම හා උතුරේ ජනතාවට තම දේශපාලන නියෝජිතයන් පත්කරගැනීමේ බලය සහ ඡන්ද අයිතිය ලබාදීමයි. ඉන් අනතුරුව පැවැති මැතිවරණ තුළදීත් එතුමාගේ එකම සිහිනය වූයේ උතුරට පමණක් සීමාවීමකින් තොරව දකුණේ දේශපාලන පක්ෂවලටත් උතුරේ ජනතාවගේ ආකර්ෂණය සහ කැමැත්ත ලබානීමට හැකිවන වතාවරණයක් උදාකර දීමයි. මෙවර ජාතික ජන බලවේගය ලබාගත් ජයග්‍රහණය සමඟ මහින්ද රාජපක්ෂ මහතාගේ එම අරමුණ ඉටු වී තිබීම පිලිබඳ මම අතිශයින් සතුටට පත් වෙමි. එමෙන්ම මෙම ජයග්‍රහණය හුදෙක් වෙනත් දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා ලබා දුන් පොරොන්දුවක් ද? නැතහොත් අවංක ක්‍රියාදාමයක් ද? යන්න පිළිබඳවද අප විශේෂ අවධානයෙන් යුතුව පසු වන්නෙමු. කෙසේ නමුත් ඒ පිලිබඳව කාලය විසින් නිසි පැහැදිලි කිරීම සිදුකරනු ඇති බව මා විශ්වාස කරන්නෙමි. තිස් වසරක බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් ජාතික නායකත්වයේ ආශීර්වාදය සහිත පක්ෂයක් ලෙස කිසිසේත්ම ඒකීය රට නැවත බෙදුම් වාදය කරා ගෙනයන කිසිදු ක්‍රියාදාමයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අප ඉඩ ලබා නොදෙන්නෙමු.
පැවති ජනාධිපතිවරණය තුළින් ජනතාව අපට පෙන්වූ නව මඟට නායකත්වය ලබාදීමට ගත් අභියෝගාත්මක තීරණ හමුවේ, අප කෙරෙහි විශ්වාසය තබමින් ඒ ගමනට ශක්තියක් වූ සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව බලාපොරොත්තු වූ ඉලක්කය වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැගෙන යාමේ නව ගමනකට නව ශක්තියක් මේ මැතිවරණ ප්‍රතිඵලය තුළින් ඔබ අප වෙත ලබා දී තිබේ.
නව වෙනසකින් ඔබ අප ආරම්භ කළ ගමන තුළ ජනාධිපතිවරණයට වඩාත් ඉහළ ප්‍රතිශතයක ප්‍රතිඵලයක් අප වෙත ලබාදෙමින් අප වෙත තැබූ පොදු ජන විශ්වාසය හෙට දිනයේ ද අප සතු සුවිශේෂීම ශක්තිය වනු ඇත. ඒ ශක්තියද පදනමක් කර ගනිමින් මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂීම පක්ෂය බවට පත්වීමේ අපේ අරමුණ යථාර්ථයක් කර ගැනීම උදෙසා නිරන්තරයෙන්ම ජනතාව අතර රැඳෙමින් කටයුතු කරන්නට මෙම සවිය, දිරියක්ම වනු ඇත.
විශේෂයෙන්ම පටු දේශපාලන අරමුණු කේන්ද්‍ර කරගනිමින් පක්ෂයක් ලෙසත්, පෞද්ගලිකවත් අප වෙත එල්ල වූ පදනම් විරහිත අභූත චෝදනා විවිධ චෝදනා, මේ රජය යටතේම නිවැරදි කරගනිමින් වඩාත් සුපිරිසුදු දේශපාලන පක්ෂයක් ලෙස, වඩාත් ශක්තිමත් කණ්ඩායමක් ලෙස ඉතිරි මැතිවරණ වලට මෙන්ම, ඉදිරි දේශපාලන ගමනට සැලසුම් සහගතව මුහුණදීම සඳහා වූ වැඩපිළිවෙළකට අප එළඹ සිටින්නෙමු.
අලුත් වූ පක්ෂයක් ලෙස අප ජනතාව ඉදිරියේ තැබූ වැඩපිළිවෙළ නව විශ්වාසයකින් , බලාපොරොත්තු සහිතව පිළිගත් ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් අදටත් වඩා සවිමත්ව හෙට දිනයේ පෙනී සිටීමට මෙම ගමන සවිමත්ව පෙරට ගෙන යන්නෙමු.
වඩාත් ජනතාවාදී දේශපාලන සංස්කෘතියක්, ස්ථාවර දේශපාලන ප්‍රතිපත්තියකින් හෙබි දේශපාලන පක්ෂයක් ලෙස හෙටද අප ඔබ වෙනුවෙන් පෙනී සිටින්නෙමු.
එහිදී සෑම විටම ජනතාවාදී දේශපාලන පක්ෂයක් ලෙස අපගේ ප්‍රතිපත්ති, ඒකීය ස්වෛරී රටක් වෙනුවෙන් මෙහෙයවන්නට නොබියව කැපවන බවටත් සෑම විටම ඒ වෙනුවෙන් පෙනී සිටිනා බවටත් අප විශ්වාස කළ සමස්ත ශ්‍රී ලංකාවාසි පොදු ජන හිතවතුන් වෙත සපථ කර සිටින්නෙමු.
ඔබ සැමට
තෙරුවන් සරණයි, දෙවි පිහිටයි !
ස්තූතියි.
නාමල් රාජපක්ෂ,
ජාතික සංවිධායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ














මේ ප්‍රශන්සා නිවේදනය ඉතා කාලෝචිත බවත් එය අවන්කව හදවතින්ම කළ ප්‍රකශයක් නම් අප එය අගය කල යුතු අතර මෙවර ජය පරාජය සියලු දේශදේශපාලකයින්ට උගත් පාඩම් මාලාවක් ජනතාව විසින් උගන්වා ඇති බව මනාව පැහැදිලි වෙයි.
බතල සිටුවා අර්තාපල් අස්වැන්නක් බලාපොරොත්තු වේනම් එය ඉතා අණුවනු කමකි. ප්‍රවේශමින් ජනතාවගේ සිතුවිලි පරිහරණය කළ යුතුය .
2015 දි රාජපක්ෂ රජය සම්පූර්ණයෙන්ම ජනතා අප්‍රසදයට පත්කිරීමට මූලික අඩිතාලම දැමූ ඔබ බැසිල් රාජපක්ෂ ඇතුළු පව්ලේ සාමාජිකයන් මෙන්ම එවකට රජයේ සිටි ඔලමොට්ටල දේශපාලුවන් සමත්වූ අතර නැවත් 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්රැස් වූයේ පැවති අඩුපාඩුකම් මගහරාගෙන ඇතැයි යන සිතුවිල්ලෙන් වූ අතර, නමුත් ජනතා සිතුම් පැතුම් තඹදොයිතුවකට වත් මායිම් නොකල ඔබ ඇතුලු බහුතරයක් වූ තකතීරු දේශපාලුවෝ මෙන්ම ඉහල පුටුවල සිටි රාජ්‍ය නිලධාරීන් ගෝඨාභය මෙන්ම ජනතාවත් පාරට ඇද දැමීය. පසුව වටේ සිටි මජර දේශපාලුවන් ඔබත් පක්ෂයත් පාරටම ඇද දමා උන්ට වාසි පිටියක් සොයා පලාගියේ ජනපති මහින්දත් අසරණ කරමිනි, මෙවර ජනාධිපති වරණයේදී මෙන්ම මහමැතිවරණයේ දීද මිනිසුන් සෙවුයේ හොර රැල පන්නා දමා යහපත් අනාගතයක් ලබාගැනීමට නායකයෙක් මිස රට දෙව්ලොවක් කල හැකි නායකත්වයක් නෙවේ. ඔබ වටා සිටි ආත්මාර්ථකාමී නිවට දේශපාලනඥයින් දැන් කව්ද යැයි ඔබලාට ම තේරුම් ගත හැකිය. එනිසා නැවත බලයක් ගැන සිතීමට පෙර පක්ෂයට එවැනි මජර හොරිකඩයින් නොගැනීමට වගබලාගැනීම පක්ෂය සතුය. නව ජනාධිපති හා රජය ගෙන යන යහපත් කටයුතු සඳහා සහයෝගය දෙමින් අඩුපාඩු පෙන්වාදෙමින් කටයුතු කලහොත් අනාගතයක් ඇති පක්ෂයක් ලෙස ඉදිරිගමනක් ගැන සිතිය හැක.
Yes. Respectfully totally agree. Well said.
Pissuda yakoo ? Thoge appata koheda ahema uwamanawak thibune? Danne nathi magulak nokiya hitapan gono.!
pasugiya waradi desa dhanathmaka swayan viwechanathmaka dakmak thulin pawgalika thama adupadu awnka uwamanawakin sakasa gathahoth kapati awsthawadingen baharawenna puluwan am obata apeksitha aramunata yamatahakiwevi .palamuwa JR/GAMINI lage odokkywe hurathalunu 2009 rata ragannathekma unge laga idala awith obe piyathan; page sresta nakayanan me agadayat adadamu BASIL kiyana alugosu bappagen wenuna gamanakata mulapiruwoth obage aramuna paladaravi.1977n passe SIRIMAWO mathiniya thama druwanda athlu parajayata hethuwu bandanayakalasiyaludena haradama Mahinda Rajapaksha .mathituma kerehi purnaviswasaya thabunisa me rate bawmika akandathawayath eakeeya rajyathwauath adadakwa rakagannata hakiuna.Ethumiya wadagath nlwaradi dakmak athiwa sudusu awnka samagamayak thoragaththoth obata anagatha ratata awsya nlwaradi nayakathwaya labadiya hakiwevi.
1986-1989 athibihusunu JVP–UNP bhisanasamaye udunuwara SLFP sanwidhakamitu pradana bumikawa gath ma 1994 SITA Mata ho mage daruwekutawath kisidu waraprasadayak paksayen ho rajayen nolaba medakwama kriyakarannaku Lesa Namal Rajapaksha Wana obata awawadayak Lesa liyadakwami.
Obata Jaya Pathami.
Tunuruwane Arshirwadaya!!
මහින්ද ට බැරි හින්ද තමයි කොලුවො උන් කරලා පෙන්නුවෙ… මහින්ද හිත හිත හිටියෙ හොරා කන්න මිසක් රට එක්සේසත් කරන්න නෙවෙයි… ඌ එහෙම කලා නම් උබට යන එන මං නැති වෙන්නෙ නෑ…
උබට තනියෙම ඉල්ලල දිනන්න බැරි නිසයි අනිත් උන්ගෙ චන්ද වල පිහිටෙන් ජාතික ලැයිස්තුවෙන් ආවෙ….
ජාතික ලැයිස්තුව තියෙන්නෙ උබ වගේ පැරදිච්ච ගොබිලන්ට පාර්ලිමේන්තුවට රිංගන්න නෙවෙයි… උගත් බුද්ධිමත් වැදගත් මිනිස්සුන්ට චන්දෙන් තොරව පාර්ලිමේන්තුවට ගන්න. තෝ ඒකවත් නොදැන තාත්තාගෙ පම්පෝරි ගහන්න එපා!!! 2.50හෙ නාමල් අපිට එපෝ…
මහින්ද ට බැරි හින්ද තමයි කොලුවො උන් කරලා පෙන්නුවෙ… මහින්ද හිත හිත හිටියෙ හොරා කන්න මිසක් රට එක්සේසත් කරන්න නෙවෙයි… ඌ එහෙම කලා නම් උබට යන එන මං නැති වෙන්නෙ නෑ…
උබට තනියෙම ඉල්ලල දිනන්න බැරි නිසයි අනිත් උන්ගෙ චන්ද වල පිහිටෙන් ජාතික ලැයිස්තුවෙන් ආවෙ….
ජාතික ලැයිස්තුව තියෙන්නෙ උබ වගේ පැරදිච්ච ගොබිලන්ට පාර්ලිමේන්තුවට රිංගන්න නෙවෙයි… උගත් බුද්ධිමත් වැදගත් මිනිස්සුන්ට චන්දෙන් තොරව පාර්ලිමේන්තුවට ගන්න. තෝ ඒකවත් නොදැන තාත්තාගෙ පම්පෝරි ගහන්න එපා!!! 2.50හෙ නාමල් අපිට එපෝ…ඔබට සහ ඔබේ පිංපියාට නිවන් සුව!
බයිලා කිම් නවතනු මැනවි.සියල්ල විනාශ කපූටා මහතා ආ ගිය අතක් නැත.වගවිමි,වගකිම් සමග බැදී ඇති වරද අප වෙත දිගූ කරයි.
බම්බුව තමයි යුද්දය යුද්දය කිව්වට ඕක කරන්නත් මුල් වුනේ ජවිපෙ තමයි. අන්තිමට ඒ මිනිසුන්ට පයින් ගැහුවට
රට බන්කොලොත් කරලා රටේ සම්පත් මුදල් වලින් අසීමිත සැප සුඛවිහරණ විදන ගමන් බයිලා බන කියලා දැන් වැඩක් නෑ