පන්දුවාර 47ක් තුළ ශ්‍රී ලංකාවට ලකුණු 210ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා සංචාරක නවසීලන්තය අතර දෙවන එක්දින තරගය අද පස්වරුවේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළ අතර, ක්‍රීඩාංගණයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් නවසීලන්ත ඉනිම අවස්ථා දෙකක දී තාවකාලිකව නවතා දමන්නට සිදු වුණා.

මේ හේතුවත් සමඟ එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කිරීමටයි විනිසුරුවරුන් තීරණය කළේ.

ඒ, අනුව නවසීලන්තය පන්දුවාර 45යි පන්දු 01ක් තුළ සියල්ලන් දැවී ලකුණු 209ක් ලකුණු පුවරුවට එක් කළා.

ආරම්භයේ දී කඩා වැටුණු නවසීලන්ත ඉනිමට යම් ජීවයක් එක්කරන්නට මාර්ක් චැප්මන් කටයුතු කළ අතර එහිදී ඔහු ලකුණු 76ක් ලකුණු පුවරුවට එක් කළා.

නවසීලන්ත ඉනිමේ අවසානය දක්වා හුදෙකලා සටනක නිරත වූ මිචෙල් හේ ලකුණු 49ක් රැස් කිරීමට සමත් වුණා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රැකීම උසස් මට්ටමක පැවති අතර, එහිදී අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක ඉතා අපහසු උඩ පන්දු 04ක් රැකගත්තා.

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 03ක් බිඳ දැමූ අතර, මහිෂ් තීක්ෂණ කඩුලු 03ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට පන්දුවාර 47ක් තුළ ලකුණු 210ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40