කැන්ගරුවන් පාකිස්තානයට එරෙහිව මව්බිමේ දී T20 ඉතිහාසය අලුත් කරගනියි

තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ වේලාසනින් ම තරගාවලි ජයක් සිය මව්බිමේ දී දිනාගන්නට සත්කාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අද (16) සමත් වුණා.

ඒ ප්‍රතිවාදී පාකිස්තානයට එරෙහිවයි.

සිඩ්නි නුවර දී පැවැත්වුණු දෙරට අතර දෙවැනි 20-20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රෙලියා නායක ජොෂ් ඉංග්ලිස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 147ක් ලබා ගත්තා.

කණ්ඩායම වෙනුවෙන් අද දිනයේ දී ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ඉහළම ලකුණුලාභියා වූයේ මැතිව් ශෝට්.

ශෝට් ලකුණු 32ක් සහ ආරෝන් හාඩි ලකුණු 28ක් ලබාගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී හරිස් රවුෆ් ලකුණු 22කට කඩුලු 04ක් බිඳ දැමූ අතර අෆ්‍රිඩි කඩුලු 03ක් සහ මුකීම් කඩුලු 02ක් බිඳ හෙලුවා.

තරගයේ ජයග්‍රහණයට ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 134ක් පමණයි.

ඒ පන්දුවාර 19කුත් පන්දු 04ක් අවසානයේ දීයි.

ඒ අනුව ඔස්ට්‍රෙලියාවට ලකුණු 13ක ජයක් හිමිවුණේ තරගාවලිය 2-0ක් ලෙසින් පෙරමුණ ගනිමින්.

පාකිස්තානයේ වැඩිම ලකුණුලාභියා වූයේ උස්මන් ඛාන්.

ඔහු ලකුණු 52ක් ලබා ගත්තා.

Irfan Khan නොදැවී ලකුණු 37යි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ස්පෙන්සර් ජොන්සන් ලකුණු 26කට කඩුලු 05ක් බිඳ හෙලුවා.

ඇඩම් සම්පා කඩුලු දෙකක් සහ බාට්ලට් එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

තරගයේ වීරයා ස්පෙන්සර් ජොන්සන්.

මේ අතර දෙරට අතර මෙතෙක් පන්දුවාර 20 -20 ක්‍රිකට් තරග 27ක් පවත්වා ඇති අතර ඔස්ට්‍රෙලියාව අද ලැබූ ජයත් සමග පාකිස්තානය සමග කරට කර පැමිණීමට සමත් වුණේ තරග ජය 13ට 13ක් ලෙස සමාන කරගනිමින්.

එමෙන්ම ඔස්ට්‍රෙලියාව පාකිස්තානයට එරෙහිව සිය මව්බිමේදී තරගාවලි ජයග්‍රහණ 05ක් මේ සමග ම අත්පත් කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15