කිවි වේග පන්දු යවන්නා ටෙස්ට් පිටියට සමුදෙයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක ටිම් සවුති ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

තමන් එළඹෙන එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව සමුගන්නා බවයි සවුති නිවේදනය කර සිටින්නේ.

වසර 18ක කාලයක් සවුති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන වේග පන්දු යවන්නෙක්.

ඔහු සිය ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ මංගල ටෙස්ට් තරගය ද ආරම්භ කරන්නේ එංගලන්තයට එරෙහිව 2008 වර්ෂයේ දීයි.

35 හැවිරිදි සවුති මේ වනවිට ටෙස්ට් තරග 104කට ක්‍රීඩා කර ඇති අතර කඩුලු 385ක් බිඳ හෙලා තිබෙනවා.

ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙස දැක්වෙන්නේ ලකුණු 64කට කඩුලු 07ක් බිඳ හෙලීමයි.

ටිම් සවුති මෑතකදී නවසීලන්ත කණ්ඩායමේ ටෙස්ට් නායකයා වශයෙන් කටයුතු කරමින් සිට ඉන් ඉල්ලා අස්වුණා.

ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වීමෙන් අනතුරුවයි.

ඒ අනුව එළඹෙන එංගලන්ත සංචාරය පැවැත්වෙන සිය උපන් බිම වූ හැමිල්ටන් හි දී ටිම් සවුති විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.

ටිම් සවුති යනු තරග 104ක දී ටෙස්ට් කඩුලු 385ක් දවාගෙන ඇති නවසීලන්ත ක්‍රීඩකයින් අතරින් ශ්‍රීමත් රිචඩ් හැඩ්ලිට (කඩුලු 431) පමණක් දෙවැනි වන එකම ක්‍රීඩකයායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14