AFC Banner
Empty Ad
Empty Ad

කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිඟ වෙයි..

නිවැරදි කිරීමයි…

දැනට රටතුළ පවතින තත්ත්වය යටතේ රෝගීන් සඳහා ලබා දීමට ඇති ඔක්සිජන් ධාරිතාව ප්‍රමාණවත් බවත් අත්‍යවශ්‍ය වුවහොත් තවත් ධාරිතාව වැඩි කරමින් ඔක්සිජන් ලබා දීමේ හැකියාව ලංකාවේ මෙඩිකල් ඔක්සිජන් ලබාදෙන කර්මාන්තශාලාවලට පවතින බවත් සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරනවා. කෙසේ නමුත් කෝවිඩ් වසංගතයේ නව ප්‍රභේදයන් හමුවේ රෝග ව්‍යාප්තිය නිශ්චිත ලෙස උපකල්පනය කළ නොහැකි බැවින් නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් එම රෝගයෙන් වැළකී සිටීමට පියවර ගැනීම ඔබගේ වගකීමක්. මේ අනුව පෙනී යන්නේ, මේ මොහොත වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හෝ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව) ඔක්සිජන් හිඟයක් පවතින බවට දැකවූ වාර්තා අසත්‍ය බවයි.

– නැගෙනහිර කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණවත් නොමැති බව වාර්තා වනවා.

රෝහල සතුව පවතින්නේ ඔක්සිජන් සිලින්ඩර් 80 ක් පමණක් වන බවත් දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150 ක් බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන් 8 ද මේ වනවිට කොවිඩ් රෝගීන්ගෙන් පිරී තිබෙනවා.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්දී ඇති අතර මැයි 15 වැනිදා වනවිට ඔක්සිජන් සිලින්ඩර් අවශ්‍යතාව සපුරා දීමට එකගවී ඇති බවද සඳහන්.

රෝහල් ගතකරන කොවිඩ් රෝගීන් සියලු දෙනාම හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයෙන් පසුවන බවයි ආරංචි මාර්ග පැවසුවේ.

කොවිඩ් රෝගීන් සඳහා රෝහලේ වෙන් කර තිබෙන ඇඳන් 110 ත් මේ වන විට පිරී ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?