2024 මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අවසන් – ඡන්ද පෙට්ටි ආරක්ෂිතව ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්දය සලකුණු කිරීමේ කටයුතු මීට ටික වේලාවකට (14) පෙර අවසන් කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියේ අද උදෑසන 07 සිට පස්වරු 04 තෙක් පමණක් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා ඇති බවයි.

ඒ අනුව දිවයින පුරා මැතිවරණ කොට්ඨාස 22ක් පදනම් කරගනිමින් මෙවර ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරුණා.

ඡන්ද මධ්‍යස්ථාන 13,314ක දී එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හාරදහස් තුන්සිය පනස් හතරක ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාවක් මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයින් 8888 දෙනෙකු තරග වදිනවා.

අද පස්වරු 04ට අවසන් කෙරුණු ඡන්ද සලකුණු කිරීමේ කටයුතුවලින් අනතුරුව තේරීම් භාර නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ ඡන්ද පෙට්ටි දිවයින පුරා පිහිටි ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන 54ක් දක්වා රැගෙන යාම සිදු කරනු ඇති.

මෙවර 10 වැනි පාර්ලිමේන්තුව තෝරාපත් කරගැනීමට මන්ත්‍රීවරුන් 196 දෙනෙකු මහජන ඡන්දයෙන් සෘජු ඡන්දයෙන් පැමිණෙන අතර සෙසු 29 දෙනා පැමිණෙන්නේ ජාතික ලැයිස්තුවෙනි.

මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් මන්ත්‍රීවරුන් 160 දෙනෙකු මැතිවරණ කොට්ඨාස යටතේ පැමිණෙන අතර තවත් 36 දෙනෙකු පළාත් මන්ත්‍රී ධුර නියෝජනය කරමින් සිව්දෙනා වශයෙන් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබනු ඇති.

නව පාර්ලිමේන්තුව එළඹෙන 21 වැනිදා රැස්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?