මහ රෑ මුහුදේ කිමිදුම් කළ පිරිසක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කළ සැකකරුවන් 05 දෙනෙකු මන්නාරමේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ; මන්නාරම වංකාලේ ප්‍රදේශයේ සහ සිලාවතුර වෙරළ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඊයේ (13) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් ව නාවික හමුදා භාරයට ගත් බවයි.

මෙම සැකකරුවන් මුහුදේ කිමිදුම් කටයුතු සිදු කරමින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 1659ක පමණ තොගයක් ද සොයා ගැනුණා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 62 ත් අතර පසුවන වංකාලේ සහ සිලාවතුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

එම සැකකරුවන් සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය සහ සිලාවතුර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14