සුප්‍රසිද්ධ දකුණු කොරියානු නළුවෙකු ජීවිතක්ෂයට පත්වෙයි

තරුණියන්ගේ සිත් ඇද බැඳ ගත් දකුණු කොරියානු තරුණ නළු සොන් ජේ – ලීම් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

CNN පුවත් සේවය වාර්තා කළේ 39 හැවිරිදි සොන් ජේ – ලීම් සෝල් හි දී ජීවිතක්ෂයට පත් ව සිටියදී සොයාගත් බවයි.

සොන් ජේ – ලීම් අතිශය ජනප්‍රිය වූයේ මෝස්තර නිරූපණ ශිල්පියෙකු සේම දකුණු කොරියානු නාට්‍යය හරහා වන බව ප්‍රසිද්ධ කරුණක්.

සොන් ජේ – ලීම් සිය මිතුරෙකු සමග පෙරේදා (12) දින දිවා ආහාරය ගැනීමට සැලසුම් කර තිබූ බවත්; එම මිත්‍රයා ඔහුගේ මහල් නිවාසය වෙත ගමන් කළ අවස්ථාවේ දී නිවසෙහි තිබූ සොන්ගේ සිරුර හමුව ඇති බවයි වාර්තා වනවා.

කෙසේවෙතත් මෙය ස්වාභාවික මරණයක් ද නැතහොත් ඝාතනයක් දැයි මෙතෙක් හෙළි ව නැති බවත් සිරුර වැටී තිබූ ස්ථානයේ හෝ කිසිදු ලේ සලකුණක් හෝ දක්නට නොලැබුණු බවත් පැවසෙනවා.

CNN කළ විමසීමක දී සෝල් පොලිසිය පවසා ඇත්තේ වැඩිදුරටත් මෙසේයි.

“අපගේ මූලික විමර්ශනය මෙතෙක් අපරාධ ක්‍රියාකාරකම්වල කිසිදු සලකුණක් හෙළි කර නැහැ” යනුවෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25