අකුණු සැර වැදීමකින් පුද්ගලයෙකු මරුට

අද (13 ) සවස් කාලයේ පැවැති වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මියගිය පුද්ගලයා අකුණු සැර වදින අවස්ථාවේ දී කුඹුරක සී සාමින් සිට ඇති බවයි.

අද සවස 5.30ට පමණ මෙම ඛේදවාචකය සිදු ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය – කුලික්කඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියෙහි පසුවන අප්පුහාමි මුදියන්සේලාගේ ලක්මල් ජයකොඩි නමැති අයෙක්.

අකුණු සැරෙන් බරපතළ සිහි විසඥතාවකට ලක් ව සිටි එම පුද්ගලයාව කඩිනමින් මැදවච්චිය රෝහලට ඇතුළත් කළ ද; ඔහු රෝහල්ගත කරන විටදීත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි මැදවච්චිය පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42