ශ්‍රී ලංකාව ස්ථාවර ලකුණු මට්ටමක සිටියදී වර්ෂාවෙන් යළිත් බාධා

නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකාවෙන් ප්‍රතිවාදීන්ට හිමිවන ජයග්‍රාහී ලකුණු පුවරුව පිරිනැමීමට තවත් පන්දු 04ක් පමණක් ඉතිරිව තිබියදී වර්ෂාවෙන් යළිත් බාධා එල්ල වුණා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී පන්දුවාර 49කුත් පන්දු 02ක් අවසාන වන විට ලකුණු 324ක් ලබා සිටියදී යළිත් ක්‍රීඩකයින් ක්‍රීඩාගාරය වෙත තල්ලු කරවීමටයි අයහපත් කාලගුණ තත්ත්වය සමත් වුයේ.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඊට සාර්ථක ආරම්භයක් ලබාදීමට පිටියට පිවිසි පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දුට එය ඉටු කරගැනීමට නොහැකි වූයේ මුල් අවස්ථාවේ දී ම පැතුම් නිස්සංක ලකුණු 12කට ඩෆීගේ පන්දුවක් හමුවේ දැවී යාම හේතුවෙන්.

ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සමග එක් වූ අවිශ්ක ප්‍රනාන්දු එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග සහ සනත් ජයසූරිය 2006 දී තබා තිබූ ලකුණු 201ක විශිෂ්ට සබඳතාව ද පසුකර ගියේ ඔවුන් දෙදෙනා අතර ලකුණු 206ක සබඳතාවක් ගොඩනගමින්.

කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක එක්දින පිටියේ ඔවුන් ලබාගත් සිව්වැනි ශතක ලබා ගැනීමට ද සමත් වුණා.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සොදිගේ පන්දුවක් හමුවේ ලකුණු 100ක දැවී ගියා.

ඉන් අනතුරුව පිටියට ආ සදීර සමරවික්‍රම ලකුණු 05කට දැවී යද්දී කුසල් මෙන්ඩිස් ලකුණු 143කට ඩෆීගේ පන්දුවක් හමුවේ ක්‍රීඩා පිටියෙන් ඉවත් වුණා.

චරිත් අසලංක සමග එක් වූ ජනිත් ලියනගේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 300 සීමාව ඉක්මවා යාමට තරම් වග බලා ගත්තා.

අසලංක ලකුණු 40ක් රැස් කළේ පන්දු 40කටයි.

ඊට වේගවත් හයේ පහර 02ක් සහ හතරේ පහර 03ක් ඇතුළත්.

අසලංකගේ පිතිකරණයේ නිමාව ඩෆී විසින් සනිටුහන් කරනු ලැබුවා.

අසලංකගේ දැවී යාමත් සමග නැවතත් ක්‍රීඩාංගණයට වර්ෂාවෙන් බාධා එල්ල වුණු අතර එහිදී තරගය තාවකාලිකව නතර කිරීමටයි විනිසුරුවරුන් සංඥා කෙරුණේ.

ජනිත් ලියනගේ නොදැවී ලකුණු 12යි.

කඩුලු බිඳ දැමීමේ දී ජැකොබ් ඩෆී කඩුලු 03ක් සහ ඉෂ් සොදි සහ මයිකල් බ්‍රාස්වෙල් එක් කඩුල්ලක් බැගින් බිඳ හෙලුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34