‘හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පරීක්ෂණයක් කෙරෙනවා’ – නීතිඥවරයා දැනුම්දෙයි

පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතා පිළිබඳ ව පොලිස් කොමිසම දැනටමත් විනය පරික්ෂණයක් ආරම්භ කර එය ඉදිරියට පවත්වාගෙන යන බව ඔහුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ; පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව පියවර ගන්නැයි පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජයීය හා සාමයික කේන්ද්‍රය විසින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජනාධිපති නිතිඥ චන්දක ජයසුන්දර මහතා මේ බව අද (13) දැනුම්දුන් බවයි.

සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

එහිදී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගයට අනුව ජාතික පොලිස් කොමිසම විසින් තම සේවාදායකයාට එරෙහිව නව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව මේ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යෑමට අවශ්‍ය නොවන බවත් පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලු සහනය දැනටමත් ඔවුන්ට ලැබී ඇති බවත් පෙන්වා දුන්නා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අර්මිසා ටිගර් මහත්මිය ඉල්ලා සිටියේ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ඉදිරි දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඬුල්ල පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ පෙබරවාරි 27 වැනිදා කැඳවීමට දින නියම කළා.

සමාජයීය හා සාමයික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ ජූඩ් වර්නන් රොහාන් සිල්වා පියතුමා, පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය විසි හැවිරිදි දරුවා අහිමි වූ සුරාජ් නිලංග විසින් මේ පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.

පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, නීතිපතිවරයා මේ පෙත්සමෙහි වගඋත්තරකරුවෝ යි.

නීතිඥ අර්මීසා ටීගල් ඇතුළු නීතිඥවරුන් පිරිසක් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20