කැන්ටබරි හි අගරදගුරුවරයා ඉල්ලා අස්වෙයි

කැන්ටබරි අගරදගුරු ධුරයෙන් ජස්ටින් වෙල්බි ඉල්ලා අස්වී තිබෙනවා.

ළමා අපචාරකයෙකු වන ජෝන් ස්මිත් නැමැත්තා සම්බන්ධයෙන් නියමිත කාලයේ දී කරුණු වාර්තා නොකිරීම සම්බන්ධයෙන් නැගී ආ විරෝධය සහ පීඩනය හමුවේ ඔහු මෙලෙස අගරදගුරු ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.

එංගලන්ත පල්ලියේ ජ්‍යෙෂ්ඨතම බිෂොප්වරයා වූ ජස්ටින් වෙල්බි වසර 11ක පමණ කාලයක් එම ධුරයේ කටයුතු කරණු ලැබුවා.

එමෙන්ම මහා බ්‍රිතාන්‍යයේ වත්මන් රජු වන තුන්වන චාල්ස් රජු හට කිරුළු පැළඳවීම සිදුකළේ ද අගරදගුරු ජස්ටින් වෙම්බ්ලි අතින්.

ජෝන් ස්මිත් නැමැති ළමා අපයෝජකයා සම්බන්ධ තොරතුරු ජස්ටින් වෙල්බි වෙත ලැබී තිබියදීත් 2018 වසරේ ජෝන් ස්මිත් මිය යන තෙක්ම එම අපරාධ තොරතුරු වසන් කරගෙන සිටි බවයි ජස්ටින් වෙල්බි අගරදගුරුවරයාට වාර්තාවක් මඟින් චෝදනා එල්ල වී ඇත්තේ.

1970 සහ 1980 ගණන්වල එක්සත් රාජධානියේ ක්‍රිස්තියානි කඳවුරුවල දී ජෝන් ස්මිත්ට මුණගැසුණු පිරිමි ළමයින් සීයකට වැඩි සංඛ්‍යාවක් අපයෝජනයට ලක්කර ඇති බව ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

ක්‍රිස්තියානි පුණ්‍යායතනයක බැරිස්ටර් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකයා වූ ජෝන් ස්මිත්ට පසුව සිම්බාබ්ව සහ දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වූ අතර, එහිදී ඔහු වයස අවුරුදු 13 සිට 17 දක්වා පිරිමි ළමයින් විශාල සංඛාවක් අපයෝජනයට ලක් කළ බව වාර්තාව මගින් අනාවරණය කර තිබෙනවා.

2013 වසරේ දී එම පල්ලියේ ඉහළම රැකියාව භාරගත් ජස්ටින් වෙල්බි ඇතුළු එංගලන්ත පල්ලිය, ස්මිත්ගේ අපයෝජනය පිළිබඳව කරුණු දැන සිටි බවයි අදාළ වාර්තාව මගින් අනාවරණය කර ඇත්තේ.

ජස්ටින් වෙල්බි සහ පල්ලියේ අනෙකුත් බලධාරීන් විසින් මෙම අපරාධ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ පොලිසියට සහ දකුණු අප්‍රිකාවේ බලධාරීන්ට වාර්තා කළේ නම්, ජෝන් ස්මිත් මිය යාමට පෙර නීතිය ඉදිරියට ගෙන ඒමට ඉඩ තිබූ බව එම වාර්තාවේ සඳහන්ව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ජස්ටින් වෙල්බිට එල්ල වූ පීඩනය මධ්‍යයේ ඔහු ඊයේ (12) කැන්ටබරි අගරදගුරු ධුරයෙන් මෙලෙස ඉල්ලා අස් වී තිබෙනවා.

ජෝන් ස්මිත් නැමැත්තා 2018 අගෝස්තු මාසයේ දී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී මියගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12