ගොඩකවෙල – දොඹකොළ ඇලට වැටී තරුණයෙක් මිය ගිහින්

ගොඩකවෙල නගරය පිටුපසින් ගලා බසිනා දොඹකොළ ඇලට වැටී ඊයේ (12) පස්වරුවේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් එම ඇලේ ජල මට්ටම ද මේ දිනවල ඉහළ ගොස් ඇති බවයි.

වයස අවුරුදු 27ක පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර,ඔහු ගොඩකවෙල, මල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

ඇලේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ අවස්ථාවේ මෙම පුද්ගලයා ඇල මාර්ගය හරහා ඇති තාවකාලික පාලමක් මතින් ගමන් කිරීමට යාමේ දී ඇලට වැටී ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.

එලෙස අතරුදන්ව වූ පුද්ගලයාගේ මළ සිරුර කිලෝමීටරයක් පමණ දුරට ගසාගෙන ගොස් තිබිය දී අද (13) පෙරවරුවේ සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල් නැගිටිලා සජිත්ගේ මුහුණටම කිව්ව දේ.. වැඩිම නිවාස නාස්ති කරපු පුද්ගලයා
05:00
Video thumbnail
අද දවස ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම - සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:29
Video thumbnail
මුළු විපක්ෂයම නැගිටෙයි - 22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
02:27
Video thumbnail
මවන තරම් යකෙක් මෙතන නෑ -සජිත්ගේ කතාවට ඇමති හර්ෂණගෙන් සැර උත්තරයක්
18:05
Video thumbnail
එදා බෝ#බ ගැහුවා, අද 22වන සංශෝදනය ගේනවා - මේකත් කාල බෝ#බයක්
08:13
Video thumbnail
සමුපකාර දේපළ ටික දේශපාලඥයින් කොල්ලකාලා
03:50
Video thumbnail
කුලී යතුරුපැදි රියදුරෙකු අවසන් ගමන් යැවූ පිය පුතු දෙපළ රිමාන්ඩ් කරයි
00:42
Video thumbnail
දුර ඉඳන් බලද්දී කෙසෙල්, ළඟට ගියාම ගංජා
01:10
Video thumbnail
හබරකඩ වෙ# තැබීමේ CCTV දර්ශන එළියට
01:14
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.018
00:00