මසාජ් එකට ආ දොස්තරගෙන් මුදල් කොල්ල කෑ සිව්දෙනෙකු සිපිරිගෙට නියම වෙයි – ඇප හිමිවූවන් අතර ඡන්ද අපේක්ෂිකාවකුත්

බම්බලපිටිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයක සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණි වෛද්‍යවරයෙකු බියගන්වා ඔහු සතු රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් මාර්ගගත ක්‍රමය ඔස්සේ බැංකු ගිණුමකට බැර කරවා ගත් බව කියන සිද්ධියක් බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනෙකුගෙන් සිව් දෙනකු මෙම 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එම සිද්ධියට අනුබල දුන් බව කියන මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවක් හා ඇගේ සැමියා ඇප මත මුදා හරින ලෙස අද (12) නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා අද හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිද්ධියේ පැමිණිලිකරු විසින් සැකකරුවන් හය දෙනා හඳුනාගනු ලැබූ බවයි.

වෛද්‍යවරයාට තර්ජනය කර මුදල් ලබාගත් බවට හඳුනාගත් සැකකරුවන් සිව්දෙනා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර සිද්ධියට අනුබල දුන් මහ මැතිවරණයේ අපේක්ෂිකාව හා ඇගේ සැමියා ඇප මත මුදා හැරීමට නියම කෙරුණා.

පැමිණිලිකාර වෛද්‍යවරයා මාධ්‍ය ජාලා මෘදුකාංගයක් හරහා සම්බන්ධ වූ පුද්ගලයකු හරහා සම්බාහනයක් කර ගැනීම සඳහා බම්බලපිටිය ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් වෙත ගොස් සිටි අවස්ථාවේ දී සැකකාර පුද්ගලයන් සිව්දෙනා පැමිණිලිකාර වෛද්‍යවරයාගේ නිරුවත වීඩියෝගත කර එම දර්ශන සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හරින බවට බියගන්වා ඔහු සතු රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔවුන්ගේ ගිණුම්වලට බැර කරවාගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සුදාරක දේවප්‍රිය ,මොහොමඩ් සාදිප් ,රාජපක්ෂගේ අශේන් දිමුතු එරංග ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

මෙලෙස ඇප මත මුදා හැරුණේ යන ”අරගල සංවිධානයේ” කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් වන මාලා ප්‍රනාන්දු හා ඇගේ සැමියා වන චමින්ද පුෂ්පකුමාර යන දෙදෙනායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18