ට්‍රම්ප්ගේ නව ජාතික ආරක්ෂක උපදේශකයා නම් කරයි

එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ජාතික ආරක්ෂක උපදේශක ලෙස ෆ්ලොරිඩාවේ කොන්ග්‍රස් සභික මයික් වෝල්ට්ස් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට 50 හැවිරිදි වියේ පසුවන වෝල්ට්ස්, විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් වන අතර, ඔහු එක්සත් ජනපද හමුදාවේ ප්‍රභූ විශේෂ බලකායේ ද සේවය කර තිබෙනවා.

මයික් වෝල්ට්ස් 2019 සිට එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අයෙක්.

ඔහු ජනාධිපති ජෝ බයිඩන්ගේ විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරන අයෙකු වී සිටිනවා.

මයික් වෝල්ට්ස් පරිපාලනයේ සේවය කිරීමට කැමැත්තෙන් සිටි අයෙක් වන අතර, පෙන්ටගනයට නායකත්වය දීමට අපේක්ෂකයෙකු ලෙස ද ඔහු සැලකෙනවා.

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ට්‍රම්ප්; ෆ්ලොරිඩා සෙනෙට් සභික මාර්කෝ රුබියෝ රාජ්‍ය ලේකම් ලෙස නම් කරනු ඇතැයි අපේක්ෂා කරන බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරනවා.

කෙසේ වෙතත් 2016 දී ඔවුන් රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟ කරන අවස්ථාවේ දී රුබියෝ, ට්‍රම්ප්ව හැඳින්වූයේ ජනාධිපතිකම අපේක්ෂා කළ වඩාත්ම අශිෂ්ට පුද්ගලයා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?