Update :- සුජීවගේ V8 රථය CID වෙත භාරදෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ මහතා සිය ප්‍රශ්නගත වූ V8 රථය කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

අද (11) පස්වරුවේ දී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සිය ජීප් වර්ගයේ රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

එම රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි සුජීව සේනසිංහ මහතා මෙම පියවර ගෙන ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සන්තකයේ පවතින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා සතුව තිබූ, රිය අනතුරකින් මනුෂ්‍ය මරණයක් සිදු කිරීමකට අදාළව නඩු භාණ්ඩයක් වූ මෝටර් රථයක් බවයි.

එබැවින් පරීක්ෂණ කටයුතු සාර්ථක කරගැනීමට අදාළ ජීප් රථය තම භාරයට පත් කරන ලෙසටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ.

නීතිවිරෝධීව එකලස් කරන ලද ටොයෝටා V8 සුඛෝපභෝගී ජීප් රථයක් ඇති බවට ලද තොරතුරකට අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ඉකුත් නොවැම්බර් 02 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නිවස පරික්ෂා කළ ද එහිදී සැක කටයුතු මෝටර් රථය හමු වූයේ නැහැ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සුජීව සේනසිංහ මහතාට අයත් කොල්ලුපිටියේ නිවසක් පරීක්ෂා කළේ ප්‍රශ්නගත සුඛෝපභෝගී මෝටර් රථය එම නිවසේ ගාල්කර ඇති බවට ලද රහස්‍ය තොරතුරු මතයි.

එහිදී සොයා ගැනුණු ජීප් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

එම නියෝගය ප්‍රකාරව ප්‍රශ්නගත මෝටර් රථය සුජීව සේනසිංහ මහතා විසින්ම රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර විමර්ශන වාර්තාවක් මගින් විමර්ශනවල ප්‍රගතිය වාර්තා කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ප්‍රශ්නගත සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගය ප්‍රකාරව සී අයි ඩී නිලධාරින් අද පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට ගිය ද එහි මෝටර් රථය තිබුණේ නැති බවත් වාර්තා වුණා.

මෙවන් පසුබිමකදියි සුජීව සේනසිංහ මහතා සිය මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් භාරකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34