Update :- CID ගෙදරට එද්දී සුජීව V8 එකත් අරං ගෙදරින් ගිහින් (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් යැයි පැවසෙන කළු පැහැති V8 වර්ගයේ අධි සුඛෝපභෝගී ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය භාරයට ගැනීමට යාමේ දී හිටපු මන්ත්‍රීවරයා විසින් අදාළ ජීප් රථය ද රැගෙන නිවසින් පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ හිටපු මන්ත්‍රීවරයාගේ නිවස පිහිටි කොල්ලුපිටියේ ප්‍රදේශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණීමට පෙර සුජීව සේනසිංහ මහතා තම රථය ද රැගෙන පිටව ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.

මේ හේතුවෙන් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ආපසු පැමිණ තිබෙනවා.

හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සන්තකයේ පවතින ප්‍රශ්න සහගත මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළේ අද (11) පෙරවරුවේදියි.

ඒ අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ රථය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල වාර්තා අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විටදී බවයි වාර්තා වන්නේ.

එම රථය සුජීව සේනසිංහ භාරයේ තිබීමෙන් එය මාර්ගයේ පදවා කිසිවෙකු අනතුරට ලක් කිරීමේ හැකියාව හෝ අස්ථානගත වීමේ හැකියාවක් ඇති බැවින් එය අධිකරණ භාරයට ගන්නා ලෙස ඉල්ලීමක් සිදු කර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළ අතර ඊට පිළිතුරු වශයෙනුයි සී අයි ඩී ය අද පස්වරුවේ සුජීව මහතාගේ නිවසට පැමිණ ඇත්තේ.

පසුගිය දිනෙක හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් ටොයොටා ලෑන්ඩ් කෘෘසර් V8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය නීතිවිරෝධීව එකලස් කළ එකක් බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ඒ මහතාගේ නිවස පරීක්ෂා කිරීමට ද කටයුතු කෙරුණා.

පසුව සේනසිංහ මහතාගේ නිවසේ සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී, සේනසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවසේ සුඛෝපභෝගී රථයක් ඇතැයි හෙළි වූ බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.

පසුව නිවස පිළිබඳ කරුණු සොයා එහි එම සැක කටයුතු රථය ඇතැයි තහවුරු කර ගැනීමෙන් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සමග එම නිවසට ගොස් රථය පරීක්ෂා කළ බව විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළ අතර එම ජීප් රථය 2010දී මෙරටට ගෙන්වා 2022 වසරේදී ලියාපදිංචි කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ හෙළි කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20