බාල වයස්කාර දැරියක් ගැබිණියක් කළ අයෙක් අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක් සමඟ අඹුසැමි සම්බන්ධතා පවත්වා ඇයව ගැබිණියක් බවට පත් කළ වයස අවුරුදු 22ක සැකකරුවෙක් කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව, පොතුවටවන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්වන අතර ඔහු ඇඟළුම් කර්මාන්තශාලාවක සේවය කරන අයෙක්.

සැකකරු අතින් මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 15ක දැරියක් බවයි පොලිසිය සඳහන් කළේ.

දැරිය ඇයගේ මව, සහෝදරයින්, මවගේ අනියම් සැමියා සහ එම අනියම් සැමියාගේ සහෝදරයෙකු සමඟ නිවසේ ජීවත්ව වති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය කාලයේ දැරිය තම මවගේ අනියම් සැමියාගේ සහෝදරයා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එම සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේ දෙසැම්බර් මාසයේ දිනක ඔවුන් පළමුවරට අඹුසැමි සම්බන්ධතා පවත්වා ඇති අතර, එතැන් සිට අවස්ථා කීපයක දී තමන් සැකකරු සමග අඹුසැමි සම්බන්ධතා පවත්වා ඇති බවයි දැරිය පොලීසියට පවසා ඇත්තේ.

මීට සතියකට පමණ පෙර දිනක ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව දැරිය හමු වී ඇයගේ ශරීරයේ තත්ත්වය පිළිබදව විමසා ඇති අතර, එහිදී ඇය සත් මසක ගැබිණියක් බවට හඳුනාගෙන තිබෙනවා.

පසුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් මේ බව දැරියගේ මවට මේ බව පවසා ඇති අතර, මේ බව දැනගත් තවත් අයෙකු විසින් කොස්වත්ත පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඉන් අනතුරුව ආරම්භ කළ විමර්ශනවල දීයි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර ඇති අතර, සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
7
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41