ඡන්ද විමසීමෙන් පසු දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක් – පොලිසියේ 63,145ක් මැතිවරණ රාජකාරියේ

මැතිවරණ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් 63,145 දෙනෙක් ඍජුවම යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

අද (08) පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 3,200 දෙනෙකු මැතිවරණ රාජකාරී වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

මේ අතර විශේෂිත ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරී වෙනුවෙන් එම ස්ථානවලින් ඉවත්කර ගැනීමට සිදුවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඒ, අනුව එම ස්ථානවල ආරක්ෂාව සදහා හමුදා නිලධාරීන් යෙදවීමට සිදුවන බව ද ඔහු මෙම මාධ්‍ය හමුවේ දී පැවසුවා.

එමෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ පසු දිවයින පුරා මාර්ග බාධක 269ක් සහ ජංගම සංචාර 3,109ක් ක්‍රියත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඊට අමතරව දිවයින පුරා ක්‍රියාත්මකවන පරිදි කැරළි මර්ධන කණ්ඩායම් 241ක් සැලසුම් කර ඇති අතර, බුද්ධි නිලධාරීන් ද ආරක්ෂාව සඳහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06