පාසල් මට්ටමේ නව නිපැයුම්වලට වෙළෙඳපොළේ අවස්ථාවක් (ඡායාරූප)

ඉදිරියේ දී පාසල් මට්ටමේ නව නිපැයුම්වලට වෙළෙඳපොළේ අවස්ථාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

2025 වසරේ දී ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ පාසල් රොබෝ හා නව්‍යකරණ නිපැයුම්වලට වෙන ම ඉඩක් ලබාදෙමින් මෙම ක්‍රියාවලිය සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

”රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ” පාසල් ශූරයෝ ”අපේගම” පරිශ්‍රයේ දී ජාතික මට්ටමින් ඇගයුමට ලක් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මේ බව සඳහන් කර සිටියා.

2024 සමස්ත ලංකා රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ ජාතික මට්ටමේ තරග ඊයේ (07) දවස පුරා බත්තරමුල්ල ‘අපේගම’ පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගී වූ අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය සමස්ත ලංකා ජයග්‍රාහකයන්ට පදක්කම්, ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රදානය කරමින් නව නිපැයුම්වල වෙළෙඳපොළ වාණිජකරණය තුළ ඉඩක් ලබා දීම ගැන අදහස් පළ කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

3K1A4150 scaled
3K1A4351 scaled
3K1A4568 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?