තරගාවලි පරාජයකින් බේරීමට පාකිස්තානයට ලකුණු 164ක ඉලක්කයක්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය ජයග්‍රහණය සඳහා පාකිස්තානයට ලකුණු 164ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

අද (08) තරගය ඇඩිලේඩ් හි දී එරට වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනූ නායක මොහොමඩ් රිස්වාන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පළමුව අභියෝගාත්මක ලකුණු පුවරුව නිර්මාණය කිරීමේ වගකීම භාරගත් අතර පාකිස්තානයේ පීඩනකාරී පන්දු යැවීම් හමුවේ ඔස්ට්‍රෙලියානු පිතිකරුවන් සිය පන්දුවාර 50 නිමා වීමටත් පෙර සියල්ලන් ම ලකුණු 200ට අඩු සීමාවක දී දැවී ගියා.

ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් අද තරගයේ දී වැඩිම ලකුණු ලබාගත්තේ ස්ටීවන් ස්මිත් (35) පමණයි.

අනිත් සියලුම පිතිකරුවන් ලකුණු 20කට අඩු ලකුණු සීමාවක දී දැවී ගියා.

පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හැරිස් රවුෆ් ලකුණු 29කට කඩුලු 05ක්, ශහීන් ශා අෆ්‍රිඩි කඩුලු 03ක් සහ මොහොමඩ් හස්නේන් සහ නසීම් ෂා එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

මේ වනවිට ජයග්‍රහණයට ලකුණු 164ක ඉලක්කයක් හඹා යාම ආරම්භ කර ඇති පාකිස්තානය පන්දුවාර 10ක් නිමාවනවිට කිසිවෙකු නොදැවී ලකුණු 39ක් ලබා සිටිනවා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියේ රැඳී සිටින්නේ සයිම් අයුබ් සහ අබ්දුල්ලා යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48