ගුවන්තොටේ දී ව්‍යාපාරිකයෙකුගෙන් රන් පෙන්ඩන්ට් සොරාගත් කතක් නීතියට කොටුවෙයි

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක්, කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාරික කාන්තාවක් ඊයේ (07) දින ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; ව්‍යාපාරිකයා කොළඹ – 10 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි , නිතර ගුවන් ගමන්වල නිරත වෙමින්, විවිධ භාණ්ඩ වර්ග මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටින පුද්ගලයෙකු බවයි.

මෙම ව්‍යාපාරිකයා පෙරේදා (06) දින අලුයම 05.00ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔහු එරට දී ග්‍රෑම් 118 යි මිලි ග්‍රෑම් 980 ක් බරැති රත්තරන් පෙන්ඩන්ට් 04 ක් මිලට ගෙන ඇති බවත් එම පෙන්ඩන්ට් 04 , අත් පිසිනා කඩදාසි ලේන්සු දෙකක ඔතා, කඩදාසි බෑගයක බහා ඇත්තේ, පිටතට චොක්ලට් ලෙස පෙනෙන පරිදි බවයි පැවසෙන්නේ.

ව්‍යාපාරිකයා විසින් රැගෙන ආ අනෙකුත් භාණ්ඩ තොගය, ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්තයක පටවා, ඔහු හඳුනන තවත් ව්‍යාපාරික කාන්තාවක් වෙත, ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යන ලෙස පවසා ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ දී භාර දී තිබෙන බවත් හෙළිව තිබෙනවා.

එහිදී ඔහු මිල දී ගෙන තිබූ රන් පෙන්ඩන්ට් බහාලූ කඩදාසි බෑගය, මෙම ට්‍රොලි කරත්තය මත වූ කුඩා බහලුම් කොටසෙහි තබා ඇති බවයි වාර්තා වන්නේ.

රත්‍රං පෙන්ඩන්ට් සොරකම් කළ කාන්තාව ද ගුවන් මගින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත 43 හැවිරිදි මීතොටමුල්ල , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

ඇය මෙම ට්‍රොලි කරත්තය ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්ත තල්ලු කරගෙන යාම සඳහා සිටින ”පෝටර්වරයෙකු” යොදා ගනිමින් ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටතට රැගෙනවිත් භාරදී තිබෙනවා.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම භාණ්ඩ සියල්ල පරිලෝකන යන්ත්‍ර මගින් පරීක්ෂා කිරීමකට ලක් කර ඇති අතර චොක්ලට් යැයි පෙනෙන කඩදාසි බෑගය එම පරීක්ෂාවට ලක් කර නැති බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණි මෙම කාන්තාව අදාළ බඩු තොගය ව්‍යාපාරිකයාට භාර දී ගුවන් තොටුපොළන් පිටව ගොස් තිබෙනවා.

තම රන් පෙන්ඩන්ට් අදාළ ගුවන් භාණ්ඩ අතර නොමැති බව වටහා ගත් එම ව්‍යාපාරිකයා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ මේ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පොලිසිය වැල්ලම්පිටිය ප්‍රදේශයට ගොස් එම ව්‍යාපාරික කාන්තාව සමග ඇය සොරා ගෙන ගිය රන් පෙන්ඩන්ට් 04 ද අත්අඩංගුවට ගෙන අද (08) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?