ගුවන්තොටේ දී ව්‍යාපාරිකයෙකුගෙන් රන් පෙන්ඩන්ට් සොරාගත් කතක් නීතියට කොටුවෙයි

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක්, කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාරික කාන්තාවක් ඊයේ (07) දින ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; ව්‍යාපාරිකයා කොළඹ – 10 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි , නිතර ගුවන් ගමන්වල නිරත වෙමින්, විවිධ භාණ්ඩ වර්ග මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටින පුද්ගලයෙකු බවයි.

මෙම ව්‍යාපාරිකයා පෙරේදා (06) දින අලුයම 05.00ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔහු එරට දී ග්‍රෑම් 118 යි මිලි ග්‍රෑම් 980 ක් බරැති රත්තරන් පෙන්ඩන්ට් 04 ක් මිලට ගෙන ඇති බවත් එම පෙන්ඩන්ට් 04 , අත් පිසිනා කඩදාසි ලේන්සු දෙකක ඔතා, කඩදාසි බෑගයක බහා ඇත්තේ, පිටතට චොක්ලට් ලෙස පෙනෙන පරිදි බවයි පැවසෙන්නේ.

ව්‍යාපාරිකයා විසින් රැගෙන ආ අනෙකුත් භාණ්ඩ තොගය, ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්තයක පටවා, ඔහු හඳුනන තවත් ව්‍යාපාරික කාන්තාවක් වෙත, ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යන ලෙස පවසා ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ දී භාර දී තිබෙන බවත් හෙළිව තිබෙනවා.

එහිදී ඔහු මිල දී ගෙන තිබූ රන් පෙන්ඩන්ට් බහාලූ කඩදාසි බෑගය, මෙම ට්‍රොලි කරත්තය මත වූ කුඩා බහලුම් කොටසෙහි තබා ඇති බවයි වාර්තා වන්නේ.

රත්‍රං පෙන්ඩන්ට් සොරකම් කළ කාන්තාව ද ගුවන් මගින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත 43 හැවිරිදි මීතොටමුල්ල , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

ඇය මෙම ට්‍රොලි කරත්තය ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්ත තල්ලු කරගෙන යාම සඳහා සිටින ”පෝටර්වරයෙකු” යොදා ගනිමින් ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටතට රැගෙනවිත් භාරදී තිබෙනවා.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම භාණ්ඩ සියල්ල පරිලෝකන යන්ත්‍ර මගින් පරීක්ෂා කිරීමකට ලක් කර ඇති අතර චොක්ලට් යැයි පෙනෙන කඩදාසි බෑගය එම පරීක්ෂාවට ලක් කර නැති බවයි දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණි මෙම කාන්තාව අදාළ බඩු තොගය ව්‍යාපාරිකයාට භාර දී ගුවන් තොටුපොළන් පිටව ගොස් තිබෙනවා.

තම රන් පෙන්ඩන්ට් අදාළ ගුවන් භාණ්ඩ අතර නොමැති බව වටහා ගත් එම ව්‍යාපාරිකයා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ මේ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පොලිසිය වැල්ලම්පිටිය ප්‍රදේශයට ගොස් එම ව්‍යාපාරික කාන්තාව සමග ඇය සොරා ගෙන ගිය රන් පෙන්ඩන්ට් 04 ද අත්අඩංගුවට ගෙන අද (08) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16