ලෝක විවාහක රූ රැජින කිරුළ අත්හළ කැරොලයින් ටයිම් සඟරාවට ගිය හැටි

ජාත්‍යන්තර ටයිම් සඟරාවේ හිටපු ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සම්බන්ධයෙන් පුවතක් වාර්තා කර තිබෙනවා. මෙලෙස පුවතක් වාර්තා කර ඇත්තේ, 2021, අප්‍රේල් 26 දින නිකුත් කළ කලාපයේයි. එහිදී ‘For the Record’ විශේෂාංගය යටතේ ඇය සම්බන්ධයෙන් මෙම පුවත වාර්තා කර ඇති බව සඳහන්.

මෙලෙස ටයිම් සඟරාවේ ඉඩක් ලද ප්‍රථම ශ්‍රී ලාංකීකයා ඇය ජූරි වීමත් විශේෂත්වයක්. එමෙන්ම අදාළ සඟරාවේ ඉඩක් වෙන් වූ පළමු ලෝක රූ රැජින ඇය බව ද වාර්තා වනවා. අප්‍රේල් 4 වනදා කොළඹ, නෙළුම් පොකුණ රඟහගේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේදී කැරොලයින් ජූරි කටයුතු කළ ආකාරය හේතුවෙන් ඇය සමාජය තුළ විශාල කතා බහක් නිර්මාණය කිරීමට සමත් වුණා. අදාළ තරගාවලියේදී ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වා දික්කසාද බව පවසමින්, එම කිරුළ දෙවනස්ථානය දිනාගත් තරගකාරීයට ලබාදීමටයි ඇය කටයුතු කළේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙරට මෙන්ම, ජාත්‍යන්තර මාධ්‍ය ද තුළ ද දැඩි කතාබහක් නිර්මාණය කෙරුණා.කෙසේ වෙතත්, කැරොලයින් ජූරි සිය කිරුළ අත්හැරීමට තීරණය කිරීමත් විශේෂත්වයක්. එම තීරණය අප්‍රේල් මස 20 වනදා ජාත්‍යන්තර තරඟ සංවිධායකයින් වෙත ඇය විසින් දැනුම්දීමට කටයුතු කළ අතර ඔවුන් විසින් ද එය පිළිගෙන තිබීමත් විශේෂත්වයක් වනවා.

time01
time02


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53