බංග්ලාදේශ මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්ඩලිප් එලියස් (Andalib Elias) මහතා සහ
ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් අද (06) පැවැත්වුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ; ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී දෙපාර්ශ්වය අතර නිල හමුව සිදු වූ බවයි.

ආරක්‍ෂක අමාත්‍යංශය වෙත පැමිණි බංග්ලාදේශ කොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගෙන සුහද කතාබහක පළමු ව නිරත වී තිබෙනවා.

ඉන් පසුව දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර මෙකී අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු එම්. මොනිරුස්සමාන් (Commodore M Moniruzzaman) ද සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?