ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට මෝදි ඇතුළු ලෝක නායකයින්ගෙන් සුබ පැතුම් – ජනපති අනුර; රනිල් හා සජිත්ගෙනුත් සුබාශිංසන (ඡායාරූප)

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස අද (06) දෙවැනි වරටත් ජනාධිපති ධුරයට තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හට විදෙස් ජනාධිපතිවරු සහ අගමැතිවරු සිය සුබාශිංසන එක් කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ද සුබ පැතුම් එක් ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එහි සඳහන් ව ඇත්තේ මෙවැන්නක්;

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක්
ලබා ගනිමින් තේරී පත් වූ ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් වෙත උණුසුම් සුබ පැතුම් පිරිනමමි. ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ජනතාවට ප්‍රයෝජනවත් වන අපගේ සබඳතාවල පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ සමඟ සම්බන්ධව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි..”
යනුවෙන් එහි සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් පිරිනමා තිබෙනවා.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට සුබ පැතුම් පිරිනමමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද X සටහනක් තබා තිබෙනවා.

මෝදි පවසා ඇත්තේ; තමන්ගේ මිත්‍රයා වන ට්‍රම්ප් හට ලැබූ ජයග්‍රහණයට හදවතින් ම සුබ පතන බවයි.

එහි වැඩිදුරටත් ඇත්තේ මෙවැන්නක්..,

ඔබේ ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණය ගැන. ඔබ ඔබේ පෙර වාරයේ සාර්ථකත්වයන් මත ගොඩනඟන විට, ඉන්දියා – එක්සත් ජනපද විස්තීර්ණ ගෝලීය සහ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අපගේ සහයෝගීතාව අලුත් කිරීමට මම බලාපොරොත්තු වෙමි. එක්ව, අපගේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා සහ ගෝලීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමු..” යනුවෙන් එහි සඳහන්.

මීට අමතරව ප්‍රංශ ජනාධිපති එමෑනුවෙල් මැක්‍රෝන්, යුක්‍රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කි ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් සුබ පතා තිබෙනවා.

එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජයග්‍රහණයෙන් පසුව ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් ද සිදු කරනු ලැබුවා.

නව ජනාධිපතිවරයා වශයෙන් තමන්ව තෝරාපත් කරගත්, ඒ සඳහා ජන වරම ලබා දුන් සෑම අමෙරිකානු පුරවැසියෙකුට ම ස්තුතිය සහ ගෞරවය පිරිනමන බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

තමන් අසාර්ථක වූ පසුගිය වසර කිහිපයේදී මගහැරුණු සෑම ප්‍රාන්තයකම තමන් ජය අත්පත් කරගැනීම අමෙරිකානු ඉතිහාසයේ විශාල වෙනසක් ඇති කිරීමට මෙම දේශපාලන ව්‍යාපාරය සමත් ව ඇති බවයි ට්‍රම්ප් විශ්වාස කරන්නේ.

එබැවින් ඉදිරියේ දී සෑම අමෙරිකානුවෙකුගේ ම සාමය, අභිවෘද්ධිය, අධ්‍යාපනය සහ දියුණුව සාක්ෂාත් කරලීමටත්, තම හුස්ම ඇති තෙක් අමෙරිකානු පුරවැසියා වෙනුවෙන් පෙනී සිටින බව ද 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම ඉදිරියේ දී අමෙරිකාවේ මෙන් ම ගෝලීය සාමය ආරක්ෂා කිරීමටත්, කිසිදු යුද්ධයක් ඇති නොවීමටත් තමන් කටයුතු කරන බවයි ට්‍රම්ප් සිය පුරවැසියන්ට පොරොන්දු වූයේ.

Emmanu 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40