ලක්ෂ 30ක මුදලකට ගජමුතු විකුණන්න තැත් කළ චීවරධාරියෙකු සිපිරිගෙට

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මධ්‍යම කලාපයේ විශේෂ වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් මත සිදු කරන ලද වැටලීමක දී ඇත්දල කොටස්වලින් සෑදූ ගජමුතු දෙකක් සමග වීවරධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තොරතුර උපාය දූතයෙකුගේ මාර්ගයෙන් ලැබී ඇති අතර; ඔහු විසින් දූරකථනයෙන් සැකකරු හා සමග සම්බන්ධ වී රුපියල් ලක්ෂ 30කට අලෙවි කිරීමට සූදානම් වූ ගජමුතු දෙක මිලට ගැනීම සඳහා ගලගෙදර ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් වෙත පැමිණෙන ලෙස දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුව සිවිල් ඇඳුමින් සැරසුණු වනජීවී විමර්ශන නිලධාරි කණ්ඩායම ඊයේ (05) එම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ දී ගජමුතු අලෙවි කිරීමට පැමිණ ඇත්තේ වීචරධාරියෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

පසුව සැකකාර චීවරධාරියාව අත් අඩංගුවට ගැනුණු අතර ඔහුව අද (06) ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

අධිකරණ නියෝග අනුව සැකකරුව එළඹෙන 08 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18