කිවියන්ට එරෙහි T20 සහ එක්දින සටනට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ (ඡායාරූප)

සංචාරක නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (06) මෙම සංචිතය ඇතුළත් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එළඹෙන 09 වැනිදා ආරම්භ වන තරග 02කකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම්කර තිබෙනවා.

T20 සහ එක්දින තරග ද්විත්වයෙහිම නායකත්වය හිමිව ඇත්තේ චරිත් අසලංකටයි.

T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩර්සේ, දුනිත් වෙල්ලාලගේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු නම්කර තිබෙනවා.

එම තරගාවලිය එළඹෙන 09 වැනිදා රංගිරි දඹුල්ලේ දී ආරම්භ වන්නේ රාත්‍රී 7ටයි.

මේ අතර නවසීලන්තයට එරෙහි තරග 03කින් සමන්විත එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ද නම්කර තිබෙනවා.

T20 සංචිතයට නොමැති ජනිත් ලියනගේ, සධීර සමරවික්‍රම, නිශාන් මධුෂ්ක, ඩිල්ෂාන් මධුශංක සහ මොහොමඩ් ශිරාෆ් සංචිතයට එක් කර ඇති අයුරු දැකිය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30