මව්බිමේ ඡන්ද ප්‍රතිඵල බලන්න ආ ජූලි චන්ග්

මව්බිමේ ඡන්ද ප්‍රතිඵල බලන්න ආ ජූලි චන්ග් – හැරිස් හා ට්‍රම්ප් අතර කරට කර තරගයක්

අමෙරිකානු එක්සත් ජනපදයේ මේ වනවිට (06) පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ද ලබා දී තිබෙනවා.

මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්‍යාලයේ මැදිහත් වීමෙන් එම අවස්ථාව ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (05) පස්වරුවේ ආරම්භ වූ අමෙරිකානු ජනාධිපතිවරණයේ මේ වනවිට ඡන්ද ප්‍රතිඵල මැතිවරණ විද්‍යාලයක් හරහා ප්‍රකාශයට පත් කරමින් සිටින අතර අද උදෑසන සිය මව්බිමේ ප්‍රතිඵල නැරඹීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ද එක් ව සිටියා.

ජූලි චන්ග් මහත්මිය ඒ සඳහා කොළඹ මැරියට් හෝටල් සංකීර්ණයට පැමිණ සිටි බවයි පැවසෙන්නේ.

මෙම අවස්ථාවට විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, ව්‍යාපාරිකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් ද එක් ව සිටි අතර ජූලි චන්ග් විසින් පැමිණ සිටි පිරිස අමතනු ලැබුවා.

මේ අතර අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද ප්‍රතිඵල සියයට 80ක්ම නිකුත් කර අවසන් වෙමින් තිබෙනවා.

මේ වනවිට ලැබූ ඡන්ද ප්‍රතිඵලවලින් ආසන 230ක් ලබාගනිමින් ට්‍රම්ප් ඉදිරියෙන් සිටින අතර කමලා හැරිස් ආසන 210ක් දිනාගෙන තිබෙනවා.

තවත් ප්‍රධාන පෙළේ ප්‍රාන්ත කිහිපයක පමණක් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට නියමිත අතර රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හැරිස් අතර ඇත්තේ කරට කර උණුසුම් තරගයක්.

අමෙරිකාවේ ජනාධිපතිවරයා වීමට නම් දෙදෙනාගෙන් කෙනෙක් 270ක් ආසන ජයගත යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18