සුප්‍රසිද්ධ ගායිකා බියොන්ස්ගේ පපුවේ ඇදුණු ‘කමලා හැරිස්’ – ජනපති සටනේ ආසන 230කම ජය ට්‍රම්ප්ට

අමෙරිකානු සංගීතවේදිනියක වන ජනප්‍රිය ගායිකා බියොන්ස් මෙවර ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස්ගේ රුව සහිත කමීසයක් හැඳ සිටින ඡායාරූප කිහිපයක් සිය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

බියොන්ස් විශ්වාස කරන්නේ සිය ජනාධිපති ධුර අපේක්ෂිකා හැරිස් හිටපු ජනාධිපති ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටින බවයි.

බියොන්ස් මෙම කමීසයට යොදා ගෙන ඇති කමලා හැරිස්ගේ පින්තූරය වර්ෂ 1986දී ඇය හෝවාර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකුව සිටින අවධියේ දී ගත් එකක් බවයි පැවසෙන්නේ.

හැරිස් දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් හෝර්වාඩ් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇති අතර ඊට ලබාගත් ඡායාරූපයක් සිය කමීසයෙහි ප්‍රදර්ශනය කරමින් ඇයට සහාය පළ කිරීමට ජනප්‍රිය ගායිකා බියොන්ස් කටයුතු කර තිබෙනවා.

මේ අතර ඊයේ (05) මෙරට වේලාවෙන් පස්වරු 5ට ආරම්භ වුණේ අමෙරිකානු ජනාධිපතිවරණයේ බොහෝ ප්‍රාන්තවල මැතිවරණ විද්‍යාලයකින් නිකුත් කරන ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතිනවා.

එහි වැඩි ජයක් හිමිකරගෙන සිටින්නේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්.

ට්‍රම්ප් විසින් ජයග්‍රහණය කර ඇති ආසන සංඛ්‍යාව 230ක්.

එය සමස්ත ඡන්ද පනස් හත් ලක්ෂ එකසිය හැටඑක්දහස් දෙසිය අටක් වන අතර එය ප්‍රතිශතාත්මකව 51.71%ක්.

හැරිස් දිනා ඇත්තේ ආසන 187ක් වන අතර එය ඡන්ද සංඛ්‍යාව ලෙස ගතහොත් පනස් තුන්ලක්ෂ අනූපන්දහස් අනූතුනක් (53,095,093).

හැරිස් ප්‍රතිශතාත්මකව 47.17%ක් ලබාගෙන සිටිනවා.

අමෙරිකාවේ ප්‍රධාන ජනපද වන ටෙක්සාස්, උතුරු කැරොලිනා, ෆ්ලොරිඩා, ලොවා ජයගැනීමට ට්‍රම්ප් සමත් ව සිටින අතර නිව් යෝර්ක්, ඉලිනොයිස්, කැලිෆෝනියා හි ජය හිමිවූයේ කමලා හැරිස් හටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18