අප්‍රිකානු සූකර උණට පැනවූ ගැසට්ටුව ලිහිල් කෙරේ (නිවේදනය)

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එම නව ගැසට් නිවේදනය නිකුත් කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, නිරෝගී සතුන් ප්‍රවාහන කිරීම සඳහා අවසර ලබා දී ඇති බවයි.

ක්ෂේත්‍රය තුළ පැවැත්මට සහ වර්තමානයට අනුව මෙම සතිය ගතවන විට සූකර උණ රෝගය ව්‍යාප්ත වීම යම් ප්‍රමාණයකින් අවම වී තිබෙනවා.

ආචාර්‍යය හේමාලි මහත්මිය සඳහන් කළේ; සත්ත්ව හා පශු සම්පත් කර්මාන්තය රැක ගැනීම පිණිස පෙර නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනයට ලක් කිරීමට පියවර ගැනුණු බවයි.

එම නව සංශෝධිත ගැසට් පත්‍රය නොවැම්බර් මස 04 වැනි දින සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බවයි ආචාර්‍යවරිය පවසන්නේ.

පෙර ගැසට් පත්‍රය අනුව සතුන් ප්‍රවාහන නතර කළ ද; පශු වෛද්‍යවරයෙකුගේ සත්ත්ව සෞඛ්‍ය වාර්තාවක් මගින් තම සතුන් ප්‍රවාහනය කිරීමට නව ගැසට්ටුවෙන් අවසර හිමිකර දී තිබෙනවා.

සතුන් මාංශ කිරීම කළ හැක්කේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලයේ ලියාපදිංචි වුණු සම්මත ආකාරයට පවත්වාගෙන යන ඝාතකාගාරවල පමණක් බව ද එහි සඳහන්.

මේ අතර අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ පමණක් මුළු සූකර ගහණයෙන් සියයට 50ක් පමණ මේ වනවිට මියගොස් ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා පැවසුවේ මින් වැඩිම සූකර ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මියගොස් ඇති බවයි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ සංශෝධිත නව ගැසට් පත්‍රය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34