අමෙරිකාවේ ජනපති සටනේ ප්‍රතිඵල අනුව ට්‍රම්ප් ඉදිරියෙන්

අමෙරිකානු එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු මේ වනවිට (06) ආරම්භ වී තිබෙනවා.

ඊයේ (05) දේශීය වේලාවෙන් පස්වරු 05ට හවායි ප්‍රාන්ත ඡන්ද මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් පළමු ඡන්ද විමසීම ආරම්භ වූ අතර සෙසු ප්‍රාන්ත 49ත් කොළොම්බියා ෆෙඩරල් දිස්ත්‍රික්කයෙනුත් ඉන් පසුවයි ඡන්ද විමසීම ආරම්භ වූයේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඡන්ද දායකයින් මහත් උනන්දුවකින් මෙවර ඡන්දය භාවිත කිරීමට පැමිණි බවයි.

මේ වනවිට ඡන්ද ප්‍රතිඵල නිකුත් කරමින් සිටින අතර සිය දෙවැනි වරට ජනාධිපති ධුර අපේක්ෂකත්වයට තරග වදින ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට ආසන 105ක සිය බලය තහවුරු කරගෙන සිටිනවා.

ට්‍රම්ප් මේ වනවිට ලබා ඇති සමස්ත ඡන්ද සංඛ්‍යාව දහ අට ලක්ෂ තුන්සිය තිස් එක්දහස් නවසිය පනස් නවයක් (18, 331, 959)ක්.

ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් ආසන 27ක බලය තහවුරු කරගෙන තිබෙනවා.

ඇය සිය රිපබ්ලිකන් ප්‍රතිවාදියා සමග සසඳන විට ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව පහළොස් ලක්ෂ අටසිය අනූ එක්දහස් හයසිය දහයක් (15,891,610).

අමෙරිකාවේ ජනාධිපතිවරයා තේරීම මැතිවරණ විද්‍යාලයක් හරහා සිදුවන අතර යම් අපේක්ෂකයෙකු ජනාධිපති ධුරයට පත්වීමට නම් ආසන 538න් 270ක පූර්ණ බලය තහවුරු කරගත ‍යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56